ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මෙරට ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියා.
ජුනි මස 10 වැනි දිනදියි ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙකු වශයෙන් පළමු වරට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ..
ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන විට අදට (10) හරියටම ගත වන්නේ දින 17ක් පමණයි.
ඔහු මන්ත්‍රී ධුරයට පැමිණ ද අදට මාසයක් සපිරෙනවා.
හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ ඉවත්වීම වෙනුවෙනුයි ධම්මික පෙරේරා හට පාර්ලිමේන්තුවේ අසුන හිමිවන්නේ.
බැසිල් රාජපක්ෂ ජුනි 09 වැනි දින ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාර දුන්නා.
පසුව හිටපු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ගේ සුරතින් පක්ෂයේ සාමාජිකත්වය ද ලබා ගත්තා.
සුපුරුදු පරිදි ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තුවට පැමිණෙන විට අනුගමනය කරන ක්‍රියාවලියට අනුව මේ වෙනුවෙන් ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ද ඉල්ලා අස් වුණා.
රට තුළ පවතින වියවුල්කාරී දේශපාලන අර්බුද හමුවේයි හිටපු අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ.
කෙසේවෙතත් ඔහු තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිය මන්ත්‍රී ධුරයේ රැඳී සිටිනවා.