අද දිනයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා විසින් මාධ්‍ය හමුවකදී ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර පසුගිය කාලයේ ඇවන්ගාඩ් සිද්ධියට සමඟ විජේදාස රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා අතර සීතල යුද්ධයක් පැවතුණා. එක් අවස්ථාවකදී සරත් ෆොන්සේකා විසින් පවසා සිටියේ විජේදාස රාපක්ෂ විසින් ඇවන්ගාඩ් තුළින් මුදල් ලබාගත් බවයි.
කෙසේ නමුත් අද පැවති මාධ්‍ය හමුවේදී සරත් ෆොන්සේකා විසින් විඡේදාස රාජපක්ෂ මහතා හා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විදෙස් සංචාරයක නිරත වූ බවට පැවසෙන ඡායාරූප පෙළක් මාධ්‍යවෙත ඉදිරිපත් කර සිටියා.
මේවා 2006 වසරේ ලබාගත් බවට ඡායාරූප වල සටහන් වන අතර තවත් පිරිසක්ද එම ඡායාරූපවල සිටිනවා. විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් විදේශ රටක සංචාරය කළ බවත්, එහිදී ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ නිශ්ශංක සේනාධිපති විසින් බවත්, ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.