තහනම් උත්තේජක පරීක්ෂාවකින් අසමත්වීම නිසා දැනට නවසීලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා යළිත් දිවයිනට කැදවා තිබෙනවා. ඒ වෙනුවට කෞශාල් සිල්වා සංචිතයට එක්වනු ඇති.
පසුගිය පාකිස්තාන තරඟ සංචාරයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂාවේදී කුසල් ජනිත් පෙරේරාගේ සිරුරේ තහනම් උත්තේජක පැවැති බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ රෙගුලාසිවලට අනුව ඔහු නැවත කැදවීමට තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් කුසල් හිතාමතා තහනම් උත්තේජක ලබාගත් බවට රාවයක් පවතින අතර එහි කිසිදු සත්‍යතාවක් නැති බවයි පැවසෙන්නේ.
කෙසේ නමුත්, කුසල් ජනිත්ගේ තවත් සාම්පල පරීක්ෂාවකින් ඔහුට හැකි ඉක්මනින් නැවතත් කණ්ඩායමට එක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කළේ.
නවසීලන්තය සමග සංචාරක ශ්‍රීලංකාව තරගවදින පළමු ටෙස්ට් තරගය ලබන 10 වෙනිදා Dunedin හි දී ආරම්භ වීමට නියමිතයි.