Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
07
වෙරිවෙන්න බීලා බදුලු කෝච්චියේ යකා නටපු කොළඹ නංගිලාගේ වැඩ - Photos

- වෙරිවෙන්න බීලා බදුලු කෝච්චියේ යකා නටපු කොළඹ නංගිලාගේ වැඩ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

‘‘කොල්ලෝ හොඳයි බං, බලපන් මුන් වෙරිවෙන්න ගහලා,
එකෙක් උස්සන් ගියාම තමයි මුන්ට විසේ අඩුවෙන්නේ‘‘

අප මේ වන විට ජීවත්වන්නේ මව පියා, සහෝදර සහෝදරියන් නොහඳුනනා සමාජයකය. මන්ද එදිනෙදා අපට අසන්නට දකින්නට ලැබෙන ඇතැම් පුවත් පිළිබඳව සිතන විට මෙවන් ලෝකයක අප ජීවත්වනවා ද? යන්න ගැන ප්‍රශ්නාර්ථය සිතට නැගේ.

එවන් දෑ සිදුවන සමාජයක ඊයේ (06) දිනයේ කොළඹ කොටුව බලා පිටත්වුණු බදුලු දුම්රියේ 2වන පන්තියේ ආ තරුණියන් පිරිසක් ඔවුන් ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවයක යැයි අමතක කරමින් එහි ගමන් කළෝය. පාපුවරුව අසල බිම වාඩි වී ඔවුන් කොළඹට ආවේ ඉඳගන්න අසුන් නැති නිසායැයි සිතුවත් ඉන් එක් තරුණියක් එකවරම සිටගනිද්දී තේරී ගියේ හිටගන්නටවත් බැරි ලෙසින් ඔවුන් බීමත්ව සිටින බවයි.



ඔවුන් ආ 2 පන්තියේ ඉදිරි අසුනේ පාසැල් යන වයසේ කුඩා දැරියන් කිහිප දෙනෙකුද විය. අක්කලාගේ වැඩ ගැන ඔවුන් එකවරම හැරී නොබැලුවත් ඇස් කොනෙන් බැලුවේ තමන්ද යම් දිනෙක ඔවුන් මෙන් හැදී වැඩුණු පසු මෙවන් දෑ සිදුකරනවාද යන්න ගැන සිතේ කොනක ප්‍රශ්නාර්ථයක් තබමින්ය.

කඩුගන්නාවෙන් පිටත් වූ දුම්රිය කොළඹ බලා එන ගමනේදී හමුවුණු බිංගෙවල් වල අන්ධකාරය වැටෙන විට යටිගිරියෙන් කෑ ගසන්නට මත්වෙන්න බී සිටි තරුණියන් අමතක නොකළෝය.  ඔවුන් කෑ ගසන වාරයක් පාසා දුම්රිය මැදිරියේ සිටි පිරිස් හැරී බැලුවේ අයෙකුට කරදයක්වත් වීද යන්න පිළිබඳව විපරම් කිරීමටය. ඇතැමුන් ජනේලෙන් වෙනතක බලාගත්තේ තරුණියන්ගේ දෙමාපියන් සිහිකරමින්ය.

මේ අතරේ ඔවුන් සිටි තැන මැදිවියේ කාන්තාවක් අසුන්ගෙන සිටියාය. ඇයගේම දියණියද ඊට අසුන් 2ක් පමණ ඉදිරියෙන් සිටි අතර දෙදෙනාට එක් තැනක ඉන්නට ලැබී නැත්තේ අසුන් දෙකේ තැනක් ඔවුන්ට අල්ලා ගන්නට නොහැකි වූ නිසා වන්නට පුළුවන. ගමන් මහන්සිය නිසාදෝ මැදිවියේ කාන්තාව ඇස්දෙක පියාගන්නට තැත්කළත් මත්වෙන්න බී සිටි තරුණියන් එයට ඉඩ දුන්නේ නැත. ඔවුන් දත් එකම දෙය වුණේ යටිගිරියෙන් කෑ ගැසීමය. දුම්රියේ කෑම අලෙවි කරන මුදලාලීන් මෙන් ‘‘10 වඩේ, 20 වඩේ, කූල් වතුර බෝතල්‘‘ යනුවෙන් මහහයියෙන් ලතෝනි දීමය.

මෙම කරච්චලය ඉවසන්නට බැරි තැන මැදිවියේ කාන්තාව අසුනෙන් නැගිට්ටාය. දියණිය අසල වාඩිවී සිටි පුද්ගලයාට කතාකර ඇය අසුන් මාරුකරගත්තේ මත්වෙන්න බී සිටි තරුණියන්ට හොඳ හැටි හිත යටින් බණිමින් බව ඇයගේ බැල්මෙන්ම පෙනිගියාය.

මේ සියල්ලම ගැන ඉදිරි අසුනේ සිටි කුඩා දැරියන් බලා සිටියාය. ඇතැමුන් නොදැක්කා සේ සිටියේ කරකියාගන්නට දෙයක් නැති නිසාවෙන් වන්නට පුළුවන. ඔය අතර සිටි විදේශිකයෙකුද මර ලතෝනි දෙන තරුණියන් දෙල බලා ඔච්චම් සිනාවක් පාන්නට වූයේ දුම්රියේ යන පළමු ගමන මෙය වන්නට පුළුවන් බවට සිතායි. ඔහු ඒ පිළිබඳව ඇයගේ පෙම්වතියටද පැවසීය. ‘‘I think this is their First Time Journey in a Train‘‘ ඒ ඔහු පෙම්වතියට පැවසූ වදනයි.

මේ කිසිවක් ගැන මත්වෙන්න බී සිටි තරුණියන්ට වගක් නැත. ඔවුන් ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවයක බව වෙරිමතය නිසාම අමතක වී ගොස්ය. ඔවුන්ගේ ක්‍රියාවන් දෙස පැයගණනක් බලාසිටි තරුණයෙකු එක් තරුණියකට වාඩිවෙන්නට අසුනක් පිරිනැමුවේය. ඒ ඇය වෙරිමතින් පැද්දි පැද්දි යන කෝච්චියේ ඒ මේ අතට වැනී දෙපාරක් තුන්පාරක් වැටෙන්නට ගිය නිසාය.

ඉඳගත් සැනින් ඇයට නින්ද ගියාය. පසුව ඇයගේ මිතුරියන් සින්දු කියන්නට පටන්ගත්තේ දුම්රියේ දොරට තඩිබාමින්ය. එක් අවස්ථාවක තරුණියකගේ මුවින් පිටවූයේ කොල්ලෙකුවත් මිනිසුන් ගැවසෙන තැනක කියන්නට මැලිවන ගීතයකි. එය කුමක්ද යන්න මෙහි සඳහන් කිරීම සදාචාර සම්පන්න නොවේ. ඔවුන්ගේ හැසිරීම් දෙස බලා 30 පමණ වන දුම්රිය මඟීන් මුහුණින් මුහුණ බලාගත්වාර අනන්තය.

රාගම දුම්රිය ස්ථානය ලංවත්ම ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සවස 7ට පමණ දුම්රියෙන් බැස ගියාය. හොඳමට මත්වී සිටි එක් තරුණියක් ඔවුන්ට සමුදුන්නේ මුළු වේදිකාවටම විහිළුවක් වෙමිනි. එක් තරුණියකගේ මුවින් ඒ අවස්ථාවේ පිටවූයේ ‘‘මං කීවනේ තොට ටිකක් බීපන් කියලා‘‘ ලෙසිනුයි.

මිතුරියන් වෙන්වූ නිසාදෝ ඔවුන්ගේ ඝෝෂාව ටිකක් අඩුවිය. ගෙවල් දොරවල්ද මතක් විය. අම්මා කතා කරලද දන්නෑ කියමින් හනිකට දුරකතනය අතට ගත්තාය. මරදාන පසුවී කොටුව දුම්රියපලේ බැස ගෙදර යන්නට වන බවට සිතුනේ එම අවස්ථාවේය. හනි හනික බඩු මුට්ටු එකතුකරගෙන පිටත්වන්නට යන විට තරුණයෙකුගේ මුවින් පිටවුණේ ‘‘කොල්ලෝ හොඳයි බං, බලපන් මුන් වෙරිවෙන්න ගහලා, තනියම ඇවිදිනවා මහ රෑ, එකෙක් උස්සන් ගියාම තමයි මුන්ට විසේ අඩුවෙන්නේ‘‘ යනුවෙනුයි.

රාත්‍රී 7.30ට පමණ කොටුවේ නතරකළ දුම්රියෙන් අන්ධකාරය මැද වෙරිමතින් තරුණියන් පිටව ගියෝය. කිසිදු රැකවරණයක් ඔවුන් සතුව නොවීය. දුම්රියේ ගමන්කළ අයගෙන් ඔවුන්ගේ දෙමාපියන් හොඳහැටි බැණුම් ඇසුවෝය.

බැණුම් නම් ප්‍රශ්නයක් නොවේ, නමුත් සිහියක් නොමැතිව සිටි මෙම තරුණියන් ඇඳගෙන ගොන් හදියක් කළේ නම් ඔවුන්ගේ ජීවිතයම විනාශ වන්නට පුලුවන, එවන් දෑ පිළිබඳව රටපුරාම අපට අසන්නට දකින්නට ලැබේ. මෙම සමාජය එතරම් කුරිරු වී ඇති බව ඔවුන්ද හොඳින්ම දනී, විනෝද වීමට සෑම දෙනාටම අයිතියක් ඇත, නමුත් මෙලෙස අපරික්ෂාකාරීව අන්අයට හිරිහැර වෙමින් කටයුතු කිරීම කිසිවෙකු පිළිනොගන්නා කරුණකි. හුරතලයට හැදුණු දූවරුන් ගෙදරින් පිටව ගිය පසු කරන්නේ කුමක්ද ගැන දෙමාපියන් මීට වඩා සැලකිලිමත්විය යුතුය. දෙයක් වන්නට පෙර එය වලක්වාගැනීම කාගේත් නුවණට හුරුය.

සටහන - සිද්ධිය ඇසින් දුටුවෙක්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top