ජනප්‍රිය නළුවෙක් වුණු විශ්ව කොඩිකාර ළඟදිම පියෙක් වෙන්න යනවා කියන පණිවුඩය පසුගිය දවසක හිරු ගොසිප් අපි ඔබවෙත ගෙන ආවා. ඒ සුභා ආරංචිය දෙගුණ තෙගුණ වෙන පණිවුඩයක් මේ වෙනකොට අපිට අහන්න ලැබුණා.
ඒ විශ්ව කොඩිකාර වගේම ඔහුගේ බිරිඳ බලාපොරොත්තුවෙන් හිටිය ඒ වාසනාවන්ත දවස දැන් උදාවෙලා තියෙනවා කියලා.
විශ්ව දැන් පියෙක්. ඔහුගේ බිරිඳ පසුගිය ජූනි මාසේ 30 වෙනිදා ලස්සන දූ පැටියෙක් මේ ලෝකෙට බිහිකළා කියලා විශ්ව අපිත් එක්ක කීවා. කළින් තීරණය කරලා තිබුණු විදියට ඇයට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා නොබලා ඉන්න මේ දෙන්නා තීරණය කරලා තියෙනවා.
ඒ වගේම පුංචි දෝණි මේ ලෝකේ එළිය දකින මොහොතෙත් විශ්ව තමන්ගේ බිරිඳ එක්කමයි ඉඳලා තියෙන්නේ. ඒ අත්දැකීම වචනවලින් කියලා නිමකරන්න බෑ කියලයි විශ්ව කියන්නේ. ඩොක්ටර් ළමයා ලැබුණු ගමන් විශ්වට පෙන්නලා කීවලු ඔයාලට ඉන්නේ දුවෙක් කියලා.
විශ්ව ඒ වෙලාවේ බිරිඳ බඳාගෙන කීවලු ‘‘දුවෙක් ඉන්නේ සුදූ, මං කීවනේ ඔයාට‘‘ කියලා. ඉතින් හිරු ගොසිප් අපි විශ්වගේ පවුලට එකතුවුණු අලුත් සමාජිකයාට වගේම ඒ යුවලටක් අපේ හද පිරි සුභපැතුම් එකතු කරනවා.
විශ්ව තමන්ට දුවෙක් ලැබුණු සතුට ගැන අපිත් එක්ක කීව හැටි පහතින් අහන්න...