තම දොළොස් හැවිරිදි පුතුට තියුණු ආයුධයකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කලැයි චෝදනා ලැබ සිටි පියෙකු නවගත්තේගම, තරනගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකි. මොහු තම බිරිද සමඟ කලක පටන් තිබූ ආරවුලකට පලිය ලෙස ඔහුගේ දොළොස් හැවිරිදි පුතුට මන්නයකින් කොටා ඇති බව පොලිසිය පවසනවා.
බරපතල ලෙස හිසට තුවාල සිදු වූ දොළොස් හැවිරිදි දරුවා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්තලම මූලික රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබුණි.
දරුවාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශය මග හැර සැගවී සිටි සැකකාර පියා නවගත්තේගම පොලිසියේ පොලිස් කණ්ඩායමක් විසින් (2) වන දින අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර පියා ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.