උඩවලව කොළඹගේආර මහා විදුහලේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් සිසුවාගේ සිරුර පසුගිය දිනෙක කැළෑබද ප්‍රදේශයක තිබී හමුවීමත් සමඟ පොලිසිය විසින් ඔහුගේ මරණය සම්බන්ධ තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථ රියැදුරු සහ මෙම සිසුවා එකම තරුණියකට පෙම් කිරීමයි. හසිත 17 හැවිරිදි සිසුවිය සමඟින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්ගෙන යන අතරතුර ඇයගෙන් ඉහත කී 21 හැවිරිදි ත්‍රීවිල් රථ රියදුරාද ආදරය ඉල්ලා තිබෙනවා.
ඒ අතරතුර මෙම තරුණිය පසුපස ත්‍රිරෝද රථ රියැදුරකු වූ 21 හැවිරිදි තරුණයා ප්‍රේමය ඉල්ලා පැමිණ තිබේ.
ඒ පිළිබඳ සිය පෙම්වතා වූ හසිතට තරුණිය ප්‍රකාශ කොට ඇති අතර පසුව ත්‍රීවිල් රථ රියදුරාත් ඝාතනයට ලක්වූ පාසැල් සිසුවාත් අතර නිතර ගැටුම් හටගෙන තිබේ. කලක් පැවති මෙම ආරවුල මත අවසන් තීරණයකට පැමිණ ඇති ත්‍රීරෝද රථ රියදුරා පසුගිය 14 වනදා තවත් මිතුරෙකු සමඟින් මඟ රැකගෙන සිට ඇත්තේ තම බිහිසුණු සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහායි.
ප්‍රශ්නය විසඳාගනිමු යැයි පවසා පාසැල් සිසුවා ත්‍රීරෝද රථයට නංවාගෙන ගිය මොවුන් අමානුෂික ලෙස පිහියකින් ගෙලකපා ඔහුව ඝාතනයට ලක්කර ඇත. ඒ සඳහා කලින් සැලසුම් කල පරිදි මොවුන් පිහියක්ද රැගෙන ගොස් ඇත.
ඝාතනයෙන් පසුව තරුණයාව රැගෙන ගොස් කැලයකට දමා ඔවුන් පිටවී ගොස් ඇති අතර මේ වන විට සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගේ හෙළිදරව් මත ඝාතනයට යොදා ගත් පිහිය සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.