පුංචි තිරයේ නිතර අපි දකින ලස්සන, ජනප්‍රිය නිලියක් තමයි මේනකා මධුවන්ති කියන්නේ. ඇය මේ දවස්වල නිතර නිතර රට යන්න පටන් අරන් තියෙනවලු. ඒ ගැන දැනගන්න වගේම මේ දවස්වල ඇයගේ ජීවිතයේ අලුත්ම විස්තර දැනගන්න හිරු ගොසිප් අපි ඇයට කතා කලා.
මේනකා කියන විදියටනම් ඇය මේ වෙනකොට බිස්නස් එකක් පටන් අරන් තියෙනවාලු. එකේ වැඩවලට තමයි ඇය නිතරම රට යනවා කියලා අපිට කීවේ. මේනකා මධුවන්ති කියන නිලිය දැන් පුංචි තිරයේ වැඩිපුර අපිට දැකගන්න ලැබෙන්නේ නැති එක ගැනත් ඇයගෙන් අහලා බැලුවා.
මේනකා කියන විදියට ඇයට ගොඩක් දුරට ලැබෙන්නේ එකාකාරී චරිතලු. කොහොම වුනත් ඇය මේ වෙනකොට දැවැන්ත චිත්‍රපටයකට දායකත්වය ලබාදීලා තියෙනවා කියලත් ඔය කතාව අතරේ අපිට දැනගන්න ලැබුණා. ඒ චිත්‍රපටියෙදි ඇයට ලැබුණේ වෙනස්ම චරිතයක් කියලත් මේනකා අපිට කීවා.
ඒ වගේම ඇයගේ හොඳම යාලුවා වුණු ආක්ෂා එක්ක ඉස්සර එකටම හිටපු මේනකා දැන් එහෙම ඉන්නවා දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි කියලත් අපි අහලා බැලුවා. මේනකා නම් කියන්නේ බිස්නස් වැඩ හින්දා පොඩ්ඩක් කාර්යබහුල වුණු නිසා දෙන්නාට මුණගැහන්න බැරිවුණා කියලා.
ඇයට හම්බවුණු යාළුවෝ, ඒ නිසා වුණු කරදර වගේම ඇයගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන අපිත් එක්ක කියපු කතාවේ සම්පූර්ණ හඬපටය පහතින් අහන්න...
සංවාදය - නිසලි ප්‍රබුද්ධිකා