‘‘අප හමුවීම වෙන්වීම දෝ ආදරේ‘‘ කියන පද පේලිය මතකෙට එන හැම මොහොතකම හිතට නැගෙන ඒ සුන්දර කටහඬේ අපූර්ව හිමිකරුවා නාමල් උඩුගම කියන්නේ ආදරවන්තයින්ගේ හදවතට කිසිදාක අමතක නොවන ගීත ගොන්නක් ගායනා කරපු සොඳුරු ගායකයෙක්.
ඒ වගේම ඔහු තමන්ගේ හඬින් රසික රසිකාවියන් අතර උන්මාදයක් ඇතිකලා. ඔහු ගීත ගායනාකරන අවස්ථාවල කට හෙලවෙන හැටි අනුකරණය කරන්න උත්සාහ කරපු අය අතරේ සමහර විට ඔබත් ඉන්න ඇති. ඒ විතරක් නෙවෙයි කතාවට කියනවා නාමල් කොණ්ඩේ පීරපු පනාවටත් ලොකු වටිනාකමක් තිබුණා කියලා.
ඒ විදියට රසික රසිකාවියන්ගේ සිත්වල නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරිකළ නාමල් පසුගිය කාලේ අක්මාවට විෂබීජයක් ගිහින් නිසා රෝගී තත්වයට පත්වෙලයි හිටියේ. මේ වෙනුවෙන් වෛද්‍යවරු ඉක්මණින් ශල්‍යකර්මයක් කරන්න නියම කළා.
ඒ කියන්නේ නාමල්ට අක්මාවක් බද්දකරන්න අවශ්‍ය වුණා. වෛද්‍යවරු කීවේ ලේ නෑයෙකුගේ අක්මාවක කොටසක් ඒකට අවශ්‍යයි කියලා. මේ වෙනකොට ඒ ශල්‍යකර්මය සාර්ථක නිමකරගෙන නාමල් ලංකාව ඇවිත් තියෙනවා. ඔහු හොඳ ශරීර ස්‍යෙඛයකින් ඉන්නවා කියලයි නාමල් අපිත් එක්ක කීවේ. ඒ වගේම තමන් රෝගී තත්වයෙන් ඉන්නකොට ඒ වෙනුවෙන් පුලුවන් උදව්වක් කරන්න දෙපාරක් නොහිතා කටයුතු කළ හැමෝටම ස්තූති වන්ත වෙනවා කියලත් නාමල් අපිත් එක්ක කීවා. ඒ වගේම රසිකයින් අතර අමතක නොවන මතක මැවූ ඔහුගේම මියුරු කටහඬින් ගීතයක් ගායනා කරන්නත් නාමල් අමතක කලේ නෑ.
නාමල් අපිත් එක්ක කළ සංවාදය පහතින් අහන්න...
අප හමුවීම වෙන්වීම ගීතය ගායනා කළ අයුරු..
සංවාදය - හර්ෂ මෙන්ඩිස්