අද අළුයම 4.00 ට පමණ මෙම වෙඩිහුවමාරුව සිදුව ඇත්තේ මාළිගාවත්ත - ඇපල්වත්ත - ලක්සෙත සෙවන නිවාස සංකීර්ණය අසලදී.
බස්නාහිර පළාත භාර ජ් යෙෂ්ඨ නියෝජ් ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප් රකාශ කලේ, කොළඹ අපාරාධ කොට්ඨාසය භාරයේ පසු වු මාකඳුරේ මධුෂ් එහි නිලධාරීන්ගේ අනුදැනුම මත මත්ද් රව් ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි.
ඔහු අදාළ නිවාස සංකීර්ණයට පැමිණෙන බව එහිදී දැනුම් දී තිබෙනවා.
ඔහු හරහා තවත් මත්ද් රව් ය සොයාගැනීමක් සදහායි මෙම මෙහෙයුම සැලසුම් කෙරුණේ.
මාකදුරේ මධුෂ් පොලිසිය සමග එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ ජාවාරම්කරුවන් පොලිසිය දෙසට වෙඩි තබා තිබෙනවා.
ඒ සමග පොලිසිය ද මත්ද් රව් ය ජාවාරම්කරුවන්ට ප් රති ප් රහාර එල්ල කර තිබුනා.
මෙම වෙඩිහුවමාරුවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපවරුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අදාල සිදුවීමේදී ගිනි අවි හා හෙරෙයින් මත්ද් රව් යය කිලෝ 22ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, අද පෙරවරුවේ මධුෂ්ගේ බිරිඳ ද කොළඹ ජාතික රෝහල පරිශ් රයට පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.
වෙඩි ප් රහාරවලින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප් රතිකාර ලබමින් පසුවනවා.
එක් අයෙකුගේ පාදයකට සහ අනෙක් පොලිස් නිළධාරයාගේ පපු ප් රදේශයේ සුළු තුවාල පවතින බවයි ජාතික රෝහලේ ප් රකාශකයෙකු හිරු ප් රවෘත්ති වෙත ප් රකාශ කලේ.
වෙඩි හුවමාරුව අතරතුරදී ජීවිපත්ෂයට පත් වු මාකදුරේ මධුෂ්ගේ පශ්චාත් මරණ පරික්ෂණය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අළුත්කඩේ අංක 04 අතිරේක මහේස්ත් රාත් කාංචනා නෙරංජලා ද සිල්වාගේ ප් රධානත්වයෙන්.
මෙරටින් පළාගොස් ඩුබායි රාජ් යයේ සිට මෙරට මනුෂ් ය ඝාතන, මත්ද් රව් ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් මෙහෙය වු මාකදුරේ මධුෂ් එරටදී පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 2019 වසරේ පෙබරවාරි මස 05 වැනිදායි.
මධුෂ් ඇතුළු 31 දෙනෙකු එරට තරු පන්තියේ හෝටලයක් තුල සාදයක් පවත්වමින් සිටි අතරතුර එරට පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඩුබායි රාජ් යයෙන් පිටුවහල් කළ මධුෂ් මෙරටට රැගෙන එනු ලබන්නේ 2019 මැයි මස 05 වනදායි.
කටුනායක බණ්ඩාරනායක ජාත් යන්තර ගුවන් තොටුපොළේදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව දීර්ඝ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මධුෂ් පසුගිය සිකුරාදා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදුන්නා.
ඊට පසුදාම මධුෂ්ගේ තොරතුරක් හරහා හෙරොයින් කිලෝ 10ක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. VIDEO