සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය අද (07) සිට තමන්ටම පරීක්‍ෂා කරගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ අනුව අර්ථසාධක අරමුදල් ශේෂය පරීක්‍ෂා කිරීමේ යන්ත්‍රයක් ඊයේ නාරාහේන්පිට පිහිටි කම්කරු මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ස්‌ථාපිත කළා.
මෙම නව යන්ත්‍රය ස්‌ථාපිත කිරීමත සමඟ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ඔවුන්ගේ ගිණුම්වල පවත්නා ශේෂය ඕනෑම මොහොතක තම ඇඟිල්ල යන්ත්‍රයට තබා පරීක්‍ෂා කර ගැනීමේ පහසුකම ලැබෙනවා.
ඊට අමතරව සිය හාම්පුතුන් විසින් පසුගිය වසරවල තමන්ගේ ගිණුම්වලට බැරකළ යුතු දායක මුදල් බැරකර ඇද්ද? නැද්ද? යන්න ඕනෑම මොහොතක පරීක්‍ෂා කර ගැනීමටද හැකිවනවා.
මේ වනවිට විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි වී සිටින සියලු සාමාජික, සාමාජිකාවන්ට මෙම පහසුකම ලබා ගත හැක. දැනට විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි වී නොමැති අර්ථ සාධක අරමුදල් සාමාජික සාමාජිකාවන්ට සිය හාම්පුතුන් හරහා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් මෙම පහසුකම ලබාගත හැකියි.
ඉදිරි මාසය තුළ ප්‍රධාන කාර්යාලයට අමතරව දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල තිහක (30) මෙම නව යන්ත්‍ර ස්‌ථාපිත කිරීමට නියමිතයි.