බෘස් ජෙනර් කව්ද කියලා නම ඇහුව ගමන්ම දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. හැබැයි කිම් කඩෑෂියන් ව නම් කව්රුත් දන්නවනේ. ඒ ඇය කාලෙන් කාලෙට අමුතු අලුත් දේවල් කරලා ප්‍රසිද්ධ වෙන නිසා. බෘස් ජෙනර් කියන්නේ කිම් කඩෑෂියන් ගේ සුළුපියා. මේ පවුලේ හැමෝම හරිම අමුතු වැඩ කරලා කාලෙන් කාලෙට ලෝකේ ප්‍රසිද්ධ වෙනවා.
බෘස් ජෙනර් 1976 වසරේ පැවැත්වූ ජාත්‍යන්තර ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කම් ලාභියෙක්. ක්‍රීඩාවෙන් වගේම ඔහු රුපවාහිනිය ඔස්සේත් ජනප්‍රියත්වයට පත් වුනා.
ඒ කිම් කඩෑෂියන් ප්‍රමුඛ කඩෑෂියන් පවුලේ රුපවාහිනී වැඩසටහන වන Keeping Up with the Kardashians ට සම්බන්ධ වීමත් සමඟයි. බෘස් ජෙනර් තෙවරක් විවාහ වී ඇති අතර ඒ සියලු විවාහ වලින් දික්කසාද වී ඇති ඔහු මේ වන විට තනිකඩයෙක්. ඒ වගේම ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙක්.
කොහොම වුනත් මේ අමුතු වැඩ කරන පවුලේ කට්ටියගේ අලුත්ම කතාව තමයි මේ. බෘස් ජෙනර් ප්‍රසිද්ධ රුපවාහිනී සාකච්ඡාවකදී කියලා තියෙනවා. ඔහු ඇත්තටම කාන්තාවක් බව. මුළු ලෝකයම ඔහුව පිරිමියෙක් ලෙස හඳුනා ගත්තත්, තමාට කුඩා කල ඉඳන්ම උවමනා වුනේ ගැහැනියක් වීමට බව ඔහු ප්‍රසිද්ධියේම කියලා තියෙනවා.
1980 වසරේ සිටම ගැහැනියක් වීම සඳහා බාහිරින් හෝමෝන ලබා ගෙන ඇති ඔහු මේ වන විට ගැහැනියක් ලෙස ලිංගිකව පරිවර්තනය වීම සිදුකර ඇති බවයි පවසන්නේ. නමුත් තමන් ආකර්ෂණය වන්නේ කාන්තාවන් වෙත පමණක් බවත්, තමන් විවාහ වූ කාන්තාවන් තිදෙනා සමඟම ඉතා හොඳ ලිංගික ජිවිතයක් ගත කල බවත් සඳහන් කරනවා. ඒ වගේම තමන්ට කුඩා කල සිටම කාන්තාවක් වීමට අවශ්‍යතාවයක් පැවති බව තම බිරින්දෑවරු තිදෙනාම දැනසිටි බවත් ඔහු සඳහන් කරනවා.