තමන් පක්ෂය හැර යන බවට ඇතැමුන් ප්‍රචාරය කළත් කිසිදා ජවිපෙ හැරදා නොයන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
සෝමවංශ අමරසිංහ මහතා යළි පක්‍ෂයට එක්‌කර ගැනීමට සාකච්ඡා පවත්වනවා මිස කිසිවකු සෝමවංශ අමරසිංහ මහතා සමඟ එක්‌වීමට පක්‍ෂය හැරදා යාමක් සිදුවන්නේ නැතැයි ඔහු පෙන්වා දෙනවා.
සෝමවංශ අමරසිංහ මහතා පක්‍ෂයෙන් ඉවත් වුවද ඔහුගේ අස්‌වීම පක්‍ෂය පිළිගන්නේ නැතැයිද කී ටිල්වින් සිල්වා මහතා බිමල් රත්නායක කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරුන් සහ තමන් ඇතුළු පක්‍ෂයේ ප්‍රධාන පෙළේ පිරිසක් අමරසිංහ මහතා සමඟ එක්‌ව ජවිපෙන් ඉවත්ව යන බවට සිදුකෙරෙන ප්‍රචාර අසත්‍යයක් බවද සඳහන් කළා.
සෝමවංශ අමරසිංහ මහතා තමන්ගේ ගුරුවරයකු හා සමාන බව සඳහන් කරන ටිල්වින් සිල්වා මහතා ඕනෑම පක්‍ෂයක අඩුපාඩු ඇතැයි ද ඒවා පෙන්වා දුන් පසු නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියා.