පුත්තලමේ සිට කොළඹ දක්වා වන හැමිල්ටන් ඇලට යාබදව කලපු තීරය තුළ ඉදි කරමින් පවතින ලුණු ලේවායකට ප්‍රදේශවාසීන් ගේ විරෝධය එල්ලවී තිබෙනවා.
අද(16)පෙරවරුවේ මංගළඑළිය මංසන්ධියේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නේ රජය විසින් කලපු රක්ෂිතයක් ලෙස නම් කර ඇති මෙම භූමිය තුළ කුරුළු රක්ෂිතයක්ද ඇති බවයි.
ලුණු ලේවාය ඉදි කරන්නා විසින් මේ වන විට කලපු රක්ෂිතයේ තිබූ කඩොලාන ශාඛ රැසක් කපා විනාශ කර ඇති බැවින් ඉදිරියේ දී හැමිල්ටන් ඇල තුළ මසුන් බෝවීමේ ගැටළුවක් වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
ලුණු ලේවායක් ඉදිකිරීමෙන් ප්‍රදේශයේ ලුණු ඝනත්වය ඉහල ගොස් පානීය ජලයට පවා එය තර්ජනයක් බව ද විරෝධතා කරුවන් සඳහන් කළා.
(පුත්තලම - ජුඩ් සමන්ත)
