කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දහවල් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද දහවල් උණ සහ කැස්ස හේතුවෙන් මොහු රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි බවයි.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම චීන ජාතිකයා රෝහලට ඇතුළත් කරගත් බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ චීනය, ආර්ථික සබඳතා පවත්වන ආසියානු සමාගම්වල කොටස් මිල පහළ බැස තිබෙනවා.
කැනඩාව සහ ඇමරිකාව, චීනයට යාමට පනවා ඇති සම්බාධක ද මීට හේතුවී ඇති බව විචාරකයන් පෙන්වා දුන්නා.
චීනය සමඟ ඍජු වෙළඳ ගණුදෙනු පවත්වන වෙළඳ සමාගම් සහ වක්‍ර සම්බන්ධතා පවතින කැසිනෝ මෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ අලෙවි කරන සමාගම්වල කොටස් මිල මෙලෙස ප්‍රබල ලෙස පහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.