Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
21
"මා ඉල්ලා සිටින විට ඔබ කිසිම විරෝධතාවයකින් තොරව මගේ නිදන කාමරයෙන් පිටව යා යුතුයි.." - ඇල්බට් අන්ස්ටයින් තමන්ගේ බිරිඳට දාපු කොන්දේසි මෙන්න - Photos

- "මා ඉල්ලා සිටින විට ඔබ කිසිම විරෝධතාවයකින් තොරව මගේ නිදන කාමරයෙන් පිටව යා යුතුයි.." - ඇල්බට් අන්ස්ටයින් තමන්ගේ බිරිඳට දාපු කොන්දේසි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73 Views
"වචනවලින් හෝ ක්‍රියාවලින් දරුවන් ඉදිරිපිට මට අපහාස නොකළ යුතුයි.."
"උදේ දිවා සහ රාත්‍රී ආහාර මගේ කාමරයට ලබා දිය යුතුයි.."
අනාගතයේ ලැබෙන නොබෙල් ත්‍යාගයෙන් හිමිවන සම්පූර්ණ මුදල ඔබේ..
 
එදා මෙදා තුර ලෝකයේ බිහිවූ සුවිශිෂ්ඨ විද්‍යාඥයෙකු විදිහට ඇල්බට් අන්ස්ටයින් හඳුන්වා දෙන්නට පුළුවන්.
 
බොහෝ දෙනෙක් මොහු හඳුන්වන්නේ සාපේක්ෂතාවාදයේ පියා විදිහටයි. ඔහුට හැකියාව ලැබෙනවා 1921 අවුරුද්දේදී, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට.

ඇත්තටම ඇල්බට් ඇන්ස්ටයින් කොයි තරම් කාර්යබහුල පුද්ගලයෙක් වුණත් ගත කරන්නෙ නම් සාමාන්‍ය ජීවිතයක්. ඔබ නොදන්නවත් ඇති, අන්ස්ටයින් කියන්නේ, දෙවරක් විවාහ වුණු කෙනෙක්.
 
මිලීවා (Mileva Marić) තමයි ඔහුගේ පළමු බිරිඳ වුණේ. එල්සා අන්ස්ටයින් (Elsa Einstein) තමයි අන්සටයින්ගේ දෙවැනි බිරිඳ. ඒත් ඇත්තෙන්ම මිලීමා විවාහ කරගන්නවාට අන්සටයින්ගේ දෙමවුපියන් විරුද්ධ වෙනවා. ඔය විරෝධතා මැද 1903 වර්ෂයේදී ජනවාරි මාසයේදී ඇල්බට් අන්ස්ටයින් මිලීවා හා විවාහ වෙනවා.
 
මේ මිලීවා කියන්නේ ඇල්බට් සහභාගී වුණු පාඨමාලාවක සිටි තවත් සිසුවියක්. ඉතින් ඒ පාඨමාලාව කරගෙන යන කාලය තුළ ඇතිවුණු පෙම් සබඳතාවයක් තමයි මේ විවාහයට මුලාරම්භය වෙන්නේ. ඒ විදිහට විවාහ වුණු ඔවුන්ගේ පළමු දරුවා උපත ලබන්නේ 1904 දී. 1910 දී ඔවුන්ට දෙවැනි දරුවාත් උපත ලබනවා.
 
කොහොම වුණත් මේ විවාහයේදී යම් යම් ගැටලු මතුවෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව වුණේ ඇල්බට් අන්ස්ටයින් විද්‍යාවත් එක්ක කාලය ගත කරපු පුද්ගලයෙකු වීමයි. ඔහු දවසේ හැමවෙලේම වගේ ඉතාමත් කාර්යබහුලයි. මේ හේතූන් නිසාම විවාහයේ පුංචි පුංචි ගැටලු මතු වුණා. ඇල්බට්ගේ රැකියාවේ හැටියට ඇතැම් වෙලාවට ඔවුන්ට විදෙස්ගත වෙන්න පවා සිද්ධ වෙනවා.
 
1914 දීත් ඔවුන්ට විදෙස්ගත වීමට ආරාධනයක් ලැබිලා තියනවා බර්ලින් නුවරට. ඉතින් පවුලේ අයත් එකතු කරගෙන අන්ස්ටයින් බර්ලින් නුවරට යන්න පිටත් වෙනවා. නමුත් ඔහු ඒ වෙද්දි විවාහ වෙලා ඉන්න මිලීවා කැමති වෙන්නෙ නැහැ බර්ලින් යන්න.
 
කොහොම හරි බර්ලින් නුවර ඉඳලා තියනවා, ඇල්බට් අන්ස්ටයින්ගේ පැරණි මිතුරියක්, ඥාති සහෝදරියක්. අසාර්ථක විවාහයක ප්‍රථිපලයක් විදිහට එල්සා කියන මේ මිතුරියත් එක්ක අන්ස්ටයින්ගේ කුමක් හෝ සම්බන්ධතාවයක් ඇති බව මිලීවාට දැන කියා ගන්නට ලැබෙනවා.
 
මෙන්න මේ කියන අනියම් පළහිලව්ව නිසාම අනස්ටයින්, මිලීවාගෙන් නිත්‍යානූකූල වෙන්වීමක් ඉල්ලලා තියනවා. නමුත් ඇය මේකට කැමති වෙන්නෙ නැහැ. මේ අවස්ථාවේදී තමයි මිලීවාට ඇල්බට් අන්ස්ටයින් හා තවදුරටත් ජීවත් වෙන්න උවමනා නම් ඒ සඳහා සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක් ගැන අන්සටයින් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ.
 
"මගේ ඇඳුම් පැළඳුම් සෝදා මැද ඒවා පිළිවෙලකට තැබීමට ඔබ වග බලා ගත යුතුයි.."
 
"ඒ වගේම උදේ දිවා සහ රාත්‍රී ආහාර මගේ කාමරයට ලබා දිය යුතුයි.."
 
"මගේ නිදන කාමරය සහ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය දේවල් පිළිවෙලකට තැබිය යුතුයි. විශේෂයෙන්ම මගේ මේසය තිබිය යුත්තේ මගේ භාවිතයට පමණයි.."
 
"සමාජ හේතූන් සඳහා අතවශ්‍ය නොවන බැවින් ඔබ මා සමඟ ඇති සියලු පුද්ගලික සම්බන්ධතා අත්හැරිය යුතුයි.."
 
"විශේෂයෙන්ම නිවසේ මා සමඟ වාඩිවී සිටීම, ඔබ මා සමඟ පිටතට යාම, ගමන් කිරීම නැවැත්විය යුතුයි.."
 
"මා සමඟ ඇති සම්බන්ධතාවයේදී ඔබ මේ කරුණු අනුගමනය කළ යුතුයි. ඔබ මගෙන් කිසිම සමීප ආශ්‍රයක් බලාපොරොත්තු නොවිය යුතුයි."
 
"ඔබ මට කිසිදු විටෙක අපවාද නොකර සිටිය යුතුයි. මා ඉල්ලා සිටි විටෙක ඔබ මා සමඟ කතාව නැවැත්විය යුතුයි..."
 
"මා ඉල්ලා සිටින විට ඔබ කිසිම විරෝධතාවයකින් තොරව මගේ නිදන කාමරයෙන්, කාර්යාල කාමරයෙන් පිටත්ව යා යුතුයි.."
 
"වචනවලින් හෝ ක්‍රියාවලින් අපගේ දරුවන් ඉදිරිපිට මට අපහාස නොකළ යුතුයි.."
 
මේ තමයි.... අන්ස්ටයින් විසින් බිරිඳට දාපු ඒ අපූරු කොන්දේසි කිහිපය. හැබැයි ඉතින් ඇත්තටම මේවා කියවන ඔබ වුණත් හිතන්නේ මේ විදිහේ කොන්දේසිවලට හිස නවලා බිරිඳක් එකඟ වෙයි කියලනම්, හදවතට එකඟව ඒක ඇත්ත නෙවෙයිනේ නේද?
 
එතකොට මේ සුවිශිෂ්ඨ විද්‍යාඥයාගේ බිරිඳ මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්න ඇද්ද?
 
පුදුමයට කරුණ නම් මිලීවා විසින් තම පවුල ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ කොන්දේසි සියල්ල සඳහා එකඟත්වය පළ කරලා තියෙනවා.
 
කොහොම නමුත්, ටික කාලයක් ගතවෙද්දි මිලීවාට දැනිලා තියෙන්නෙ අන්ස්ටයින්ගේ හිත තියෙන්නෙ තමන්ගේ ළඟ නෙවෙයි කියලා. ඒ හේතූන් නිසා මිලීවා ඇගේ දරුවනුත් අරන් නිවසින් පිටවෙලා තියනවා.
 
එතනින් පස්සෙ ඔවුන් නීත්‍යානූකුලව වෙන් වූ බවයි සඳහන් වෙන්නේ.
 
මේ අවස්ථාවේ අන්ස්ටයින් මිලීවාට ලියූ දික්කසාද පත්‍රිකාවේත් අපූරු යෝජනාවක් තිබුණූ බව සඳහන්. ඒ තමයි...... ඔහුට අනාගතයේ ලැබෙන නොබෙල් ත්‍යාගයෙන් හිමි වන මුදල සම්පූර්ණයෙන්ම මිලීවාට නැත්තම්, ඔහුගේ ප්‍රථම බිරිඳට ලබාදීමට පොරොන්දු වෙලා තියනවා.
 
මෙතැන තියෙන විශේෂත්වය තමයි අන්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ 1921 අවුරුද්දෙදි. නමුත් ඔහු පෙර බිරියට මේ පොරොන්දුව ලබා දෙන්නෙ 1919 අවුරුද්දෙදී.
 
පළමු විවාහයෙන් දික්කසාද වුණු අන්ස්ටයින් දෙවැනි වරට විවාහ වෙන්නේ 1919 ජුනි 2 වැනිදා. බර්ලින් නුවර එල්සා තමයි ඔහුගේ දෙවැනි බිරිය වුණේ. කොහොම නමුත් ඔහුව වඩා හොඳින් තේරුම් ගත්ත බිරියක් විදිහට එල්සා හඳුන්වා දී තිබෙනවා.
 
1935 දී මොවුන් දෙදෙනා ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියනවා. ඒ වගේම දිගු කාලයක් හදවත් හා වකුගඩු ආශ්‍රිත රෝගයක් තිබුණු එල්සා 1936 දෙසැම්බර් මාසයේදී මිය ගිහින් තියනවා. ඒත් අන්ස්ටයින්ගේ පළමු බිරිඳ මිලීවා එතනින් පස්සෙ අවුරුදු 12ක පමණ කාලයක් ජීවත් වෙලා තියනවා. 1948 දී තමයි මිලීවා මියයද්දි ඇය 72 හැවිරිදි වියේ පසුවුණා.

Credit>>> WATAPITA (වටපිට)


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top