චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ සංගීතය නිසා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ආදරණිය ගායකයෙක්. ඔහුගේ බොහෝ ගීත අදටත් බොහෝ දෙනෙක් රසවිදිනවා. ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන්නේ මේ වගේ කතාවක්
චන්ද්‍රසේන සහ ඔබ මුණගැහුණේ කොහොමද?
ඔහු මගේ අයියගේ යාළුවෙක්. අයියගේ යාළුකමට ගෙදර ආපු වෙලාවක තමයි අපි අතර මේ සම්බන්ධය ඇති වුණේ.
මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?
නිහතමානි, අවංක චරිතයක්. මම හිතන්නේ මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිය කියලා. මගේ ලෝකේ ඉන්න දෙවියෝ තමයි මගේ මහත්තයා.
පෙම්වතා කාලේ ඔහු?
ඒ කාලෙත් හොඳම හොඳ පෙම්වතෙක්.
සැමියෙක් විදියට ඔහු?
සැමියකුගෙන් වෙන්න ඕන සියලුම යුතුකම් කොටස කරන, මටත් මගේ දරුවන්ටත් එක වගේ ආදරේ කරන මේ ලෝකේ දුර්ලභ ගණයේ ස්වාමි පුරුෂයෙක් කිව්වොත් හරියටම හරි.
ඔහු ජනප්‍රියත්වය දකින්නේ කොහොමද?
එයා ඉතින් නිහතමානීව ඒ ජනප්‍රියත්වය ගැන හිතනවා.
ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විදිය?
ඔහු එපා කියන කිසිම දෙයක් මම කරන්නේ නැහැ. එයා කැමැති විදියට තමයි මම ජීවත් වන්නේ. ඒ ජනප්‍රියත්වය හරි වටිනවා.
ගායන භූමිකාවේ නිරත වුණු ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන්නේම නැද්ද?
එහෙම නම් වෙන්නේ නැහැ. කොහේ ගියත් අපි හතර දෙනාම තමයි යන්නේ. කාර්යබහුල වුණත් අපි හතර දෙනා කොහොම හරි එකතු වෙලා ඉන්නවා. අපේ පවුල දම්වැලක පුරුක් වගේ හරිම ශක්තිමත් පවුලක්.
ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවාද?
එහෙම නම් නෑ.
ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව්. ගොඩක් හොඳට වගකීම් දරන්න පුළුවන් කෙනෙක්.
සාමාන්‍ය ජීවිතයේ ඔහු?
එයා හරි හොඳයි. හැබැයි වැරැද්දට කේන්ති යනවා.
ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස්ව හිතන කෙනෙක්ද?
ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතන්නේ නැහැ. හැමදේම ක්‍රමානුකූලව සැලසුම් සහගතව හිතන කෙනෙක්.
ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
අනිවාර්යයෙන්ම ඔව්.
දුක හිතුණම ඔහු ?
මේ මෑතකදී ඔහුගේ අම්මා නැති වුණා. මගේ දෝණිට මම කිව්වා අප්පච්චිගේ හිත හදාගෙන එක්ක එන්න කියලා. මොකද එතකොට ඔහු හිටියේ පිටරට. එදා නම් ඉතින් එයා හරියට දුක් වුණා.
සතුටු හිතුණම ඔහු?
සාමාන්‍ය විදියට අපිත් එක්ක ඒ සතුට බෙදා ගන්නවා.
තරහ ගියාම?
එයාට කේන්ති ගියාම මමයි, දුවයි, පුතයි තුන්දෙනාම සද්ද නොකර ඉන්නවා.
වැඩිපුරම යන්න කැමැති තැන්?
නුවර යන්න කැමැතියි.
ඔහු වැඩිපුරම ආදරේ කරන්නේ කාටද?
අම්මගෙන් පස්සේ මටයි, දුවටයි, පුතාටයි තුන්දෙනාටම ආදරෙයි.
ඔහුට නැතිවම බැරි අය කවුද?
ඒත් ඉතින් මමයි දරුවෝ දෙන්නයි තමයි.
මොන වගේ විලාසිතාවලටද කැමැති?
චාම් විලාසිතාවලට තමයි කැමැති.
ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
ජීවිතයේ කවදාවත් වැරැදි කරන්නේ නැති සැමියෙක් ලැබීම ගැන සතුටු වෙනවා.
ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
එහෙම දෙයක් නම් නැහැ.
හදිසියේ හරි එහෙම ආරංචියක් ආවොත්?
මට දරා ගන්න බැරි වෙයි. මම ඒ තරම්ම එයාට ආදරෙයි.
අපි ඔහු ගැන නොදන්න රහස්?
මටත් වඩා හොඳට රසට එයාට උයන්න පුළුවන්.
ඔහු ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?
දෝණි විශ්වවිද්‍යාලයට තේරුණ දවස වෙන්න ඇති.
ඔහු ජීවිතයේ ජය ගත්ත දේවල්?
හැම දෙයක්ම වගේ ජය අරගෙන තියෙනවා. ඒකනේ ඉතින් මේතරම් දුර ගමනක් ආවේ.
ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන්නේ මොනවටද?
සත්‍ය කතා කරන, නිවැරැදිව ජීවත් වෙන අවංක අයට ප්‍රධාන තැනක් දෙනවා.
විනෝදාංශ?
කාටූන් බලන එක තමයි.
ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
ආදරේ තමයි එයා මට දීලා තියෙන වටිනාම තෑග්ග.
ඔහුගේ ගී අතරින් සිත් ගත් ගීතය?
“කරුණාවේ සිහිල් සුවය” ගීතයට මම ගොඩක් කැමැතියි.
ඒ ගීතයට කැමැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
අම්මා ගැන කියැවෙන නිසා.
ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම