Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
19
"මම ඒ කාලේ සිටම සංගීතයට කැමැතියි. මුල්ම කාලෙ මං හමුදාවට බැඳෙන්නයි හිතන් හිටියේ..." - සමන් ද සිල්වා

- "මම ඒ කාලේ සිටම සංගීතයට කැමැතියි. මුල්ම කාලෙ මං හමුදාවට බැඳෙන්නයි හිතන් හිටියේ..." - සමන් ද සිල්වාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views

"අද බිහි වෙන ගායකයන්ට අනන්‍යතාවක් නැහැ.."

"දැන් මම මුණුපුරු මිණිපිරියන්ගේ සීයා කෙනෙක්..."

දශක හතරකට අධික කාලයක් පුරා ඔහු රසික සිත් සතන් තම ගැඹුරු කටහඬින් සනහාලමින් අඛණ්ඩ ගමනක යෙදෙයි. තණනිල්ල දිගේ, හඬවලා සිතක් හඬවලා, නියරේ පියනඟලා, පුංචි කුරුලු කූඩුවේ වැනි ඔහු ගැයූ ගී අදටත් එක සේ ජනප්‍රියව පවතියි. ලාංකේය ගායන ශිල්පියකු ලෙස වැඩිම විදෙස් සංචාර ප්‍රමාණයකට සහභාගී වීමේ වාර්තාවට ද හිමිකම් කියන්නේ ඔහුය. සමන් ද සිල්වා නම් වූ මේ සුන්දර කලාකරුවා සමඟ කළ සංවාදය මෙසේ දිගහැරෙයි.


ඔබ වඩාත් කැමැති වේග රිද්මයේ හෝ බයිලා ගීත ගායකයෙකු ලෙස හඳුන්වනවාටද? නැතිනම් ගායන ශිල්පියෙකු ලෙස හඳුන්වනවාටද ?
මම ගායන ශිල්පියෙක්. කිසිසේත්ම බයිලා ගායකයෙක් නෙමෙයි. අද ලංකාවේ බයිලා ගීත කලාව නැත්තටම නැති වෙලා වගෙයි. මම සික්ස් එයිට් වේග රිද්මයට ගීත ගයලා තියෙනවා. සික්ස් එයිට් යනු රිද්මයක් විතරයි. ඒ රිද්මයට අපේ අමරදේවයනුත් ගීත ගයලා තියෙනවා. සනත් නන්දසිරි මහතා ගයන ගමේ කෝපි කඩේ ගීතයත් ඒ වගේ වේග රිද්ම ගීතයක්.

ගීතයක් සික්ස් එයිට් වූ පමණින් එය බයිලා වන්නේ නැහැ. බයිලා ගී යනු වෙනම ගායන ශෛලියක්. තණනිල්ල දිගේ ගීතයෙන් පටන් ගත් විට, පුංචි කුරුලු කූඩුවේ වැනි ගීතත් මා ගායනා කරලා තිබෙනවා. ඕනම රිද්මයකට, මා ඕනෑම ශෛලියකට ගීත ගයන්න පුළුවන් බව ඔප්පු කර පෙන්වූ ගායකයෙක්.

එදා තණනිල්ල දිගේ ගීතය ගායනා නොකරන්න, ඔබ අද මොන ක්ෂේත්‍රයක නිරත වෙන්න තිබුණාද ?
මම ඒ කාලේ සිටම සංගීතයට කැමැතියි. මුල්ම කාලෙ මං හමුදාවට බැඳෙන්නයි හිතන් හිටියේ. පසුව මැණික් සංස්ථාවේ ඩිප්ලෝමා එකක් කරලා, එහිම අවුරුදු 14ක් විතර රස්සාව කළා. නමුත් පසුකාලීනව ඉන් ඉවත් වෙලා අද වන තෙක් පූර්ණ කාලීන ගායකයෙකු ලෙස කටයුතු කරනවා. මම ක්ෂේත්‍රයට ආවේ 1975 දි විතර. දැන් දශක හතරතකටත් වැඩියි. ගායකයෙකු නොවුණානම් ආරක්ෂක අංශයේ හෝ මැණික් සම්බන්ධව ව්‍යාපාරයක් කරන්න බොහෝ ඉඩ කඩ තිබුණා.

දශක හතරකටත් වඩා, අදටත් ඔබේ ජනප්‍රියත්වය එක ලෙස පවතින්නට යම් හේතුවක් තිබුණාද ?
මම එදා සිට කරන වැඩේ හරියට කරන කෙනෙක්. මුල් කාලෙ වුණත් අද වුණත් මම ආවාට ගියාට ගීතයක් හදන්නේ නැහැ. ගීතයක ප්‍රමිතිය ඉහළින්ම තිබිය යුතුයි. අපි ගුවන් විදුලියෙන් බිහිවුණු ගායකයින්. එතන ප්‍රමිතිය ඉහළින්ම තිබුණු තැනක් වුණා. එදා ගුවන් විදුලියෙන් අලුත් ගීතයක් එළියට නිකුත් වෙන්න පෙර එහි පදමාලාව, සංගීතය, ගායනය උපරිමයෙන් පරීක්ෂා කරනවා. එතනින් පාස් වුණොත් විතරයි ගීතයක් විකාශය වෙන්නේ.

ගීත අහන්න තිබුණේ එක් නාළිකාවක් විතරයි. එහෙම විකාශය වන ගීතයක් මුළු රටක්ම අහනවා. අනික එදා එම්.එස්, මිල්ටන්, ජෝති, වැනි ගායකන්ට ස්වාධීන හඬක් තිබුණා. වාසනාවට මටත් එහෙම වුණා. නමුත් අද එවැනි හඬවල් නැහැ.ගායකයා කවුද කියා සොයාගන්න බැහැ. ගී පදවල කිසිම තේරුමක් නැහැ. බිහිවෙන ගීත පවතින්නෙත් නැහැ. මේවාට හරිනම් නීතියක් පැනවිය යුතුයි. හොඳ ගීත විතරක් ප්‍රචාරය වෙන විදිහට. එදා අපේ ගීත‍ අසන්නන් වැලඳ ගත්තේ බොහොම ආසාවෙන්. ඒ වැලඳ ගැනීමේ ප්‍රබලත්වය කෙසේද කිව්වොත් අප ගැයූ ගීත අදටත්,මතුවටත් ජනප්‍රියව පවතින්න එය හේතුවක් වුණා.

එහෙත් ඔබේ අලුත් ගීත අද අසන්නට ලැබෙන්නේ නැහැ?
නැහැ, මම නව ගී නිර්මාණ කිහිපයක්ම කළා. ප්‍රශ්නය මේකයි. එදා අපි ගීතයක් නිර්මාණය කළේ ගුවන් විදුලිය ඔස්සේයි. නමුත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. මම විතරක් නෙමෙයි, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, නිහාල් නෙල්සන් වැනි ගායකයින් ගීතයක් කළත් ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒවාට වෙනත් ක්‍රමවේද හැදිලා. ඒ මුදල් මත පදනම් වෙලා. ඉස්සර අපි සින්දුවක් කිව් විට අපට මුදල් ගෙව්වා. අද අපිට මුදල් ගෙවන්න වෙලා. යූ ටියුබ් වැනි ක්‍රම මගින් තමයි අද අපිට ගීත ප්‍රචාරය කරන්න වෙලා තිබෙන්නේ.

ඔබ වැඩිපුරම විදේශ සංචාර සඳහා සහභාගී වුණු ගායකයෙක් ලෙස ප්‍රකටයි. ලංකාවට වඩා වැඩිපුර ජීවත් වෙන්නේ පිටරටද ?
මම ලෝකෙ කොහේ ගියත් ලංකාව තරම් ඒ කොහේවත් හරියන්නේ නැහැ. පසුගිය කාලෙත් මම ඕස්ට්‍රේලියාවේ ටුවර් එකක් ගිහින් ආවේ. 116 වැනි විදෙස් සංචාරයටත් මම මේ මාසෙ පිටත් වෙනවා. මේ වසර අවසානය සහ එන වසරේ මුල් හරියටත් මට මේ වන විට ආරාධනා ලැබිලා තිබෙන්නේ. 119 සංචාරය එංගන්තයටත්, 120 සංචාරය කුවේට් දේශයටත් මම සහභාගී වෙනවා මේ වසරේදී සහ එන වසරේ මුලදී.

මේ තරම් විදෙස් සංචාර ලැබෙන්න විශේෂ හේතුවක් තිබෙනවාද ?
මෙහෙමයි. මට මීට පෙර ගීත ගයන්න ආරාධනා කළ අය තවමත් එදා වගේම කතා කරනවා. ඒකට හේතුව මම සහ ඔවුන් අතර ඇති අවබෝධයයි. විදෙස් රටක සංදර්ශනයක් කරන්න ලෙහෙසි නැහැ. මම අයකරන මිලත් සාධාරණයි. විශේෂම කාරණය මම කවදාවත් ඒ අයට කරදරයක්, අපහසුවක්, පාඩුවක් සිද්ධවෙන්න වැඩ කරලා හෝ හැසිරිලා නැහැ. අනික සමහරු සංදර්ශන කරන මුවාවෙන් කරන්නේ වෙනත් ජාවාරම් වගේ ඒවා. මම ඒ නිසා විදෙස් සංචාර සඳහා සහභාගී වෙන්නේ හරිම පරිස්සමෙන්. කොහේ ගියත් මම ඉන්නේ දින දොළහක් වගේ තමයි උපරිම. ගී ගැයූ සැණින් ආපහු මගේ රටට එනවා.

ආ ගමන් මඟ ගැන ආපසු හැරී බලන විට මොකද අද ඔබට හිතෙන්නේ?
හරිම සතුටක් දැනෙනවා. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට යමක් කළා කියලා සතුටක් දැනෙනවා. මගේ ලොකු පුතා චිලාන් රැකියාව කරන ගමන් එංගලන්තයේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. පොඩි පුතා චෙතානුත් සංගීතයට ළැදියි. පොඩි දුව නාභියාටත් හොඳට සින්දු කියන්න පුළුවන්. නමුත් ඇය දැන් මවක් නිසා එයට උනන්දු නැහැ. දැන් මම මුණුපුරු මිණිපිරියන්ගේ සීයා කෙනෙක්. ඒ අයත් සමඟ ගෙවන දිවිය හරිම සුන්දරයි.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top