ඇමරිකා එක්‌සත් ජනපදයේ කෙනඩි පවුලේ තවත් දියණියක් වන සඕස් කෙනඩි හිල් හදිසියේ මියගොස් තිබේ.
මියයන විට ඇය 22 වැනි වියෙහි පසුවූ අතර මරණයට හේතුව ඖෂධ අධි මාත්‍රාවකින් භාවිත කිරීම බව හෙළිවී තිබේ.
ඇය ඝාතනයට ලක්‌වූ ජනාධිපති අපේක්‍ෂක රොබට් එෆ්. කෙනඩිගේ මිණිබිරියයි. එනම් රොබට් හා ඊතල් කෙනඩි යුවළගේ පස්‌වන දරුවා වන කර්ට්‌තිගේ දියණියයි.
කෙනඩි පවුලේ සාමාජිකයන් අබිරහස් ලෙස අකාලයේ මියයැම පසුගිය දශක කීපය පුරා දක්‌නට ලැබිණි.
ඝාතනයට ලක්‌වූ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සොහොයුරා වූ රොබට් කෙනඩි ජනාධිපතිවරණයට සූදානමින් සිටියදී 1968 දී ඝාතනය කෙරිණි.
ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ පුත්‍රයා ද සැහැල්ලු ගුවන් යානයක් පදවමින් සිටියදී අනතුරකින් මියගියේය.
සඕස් කෙනඩි හිල් ආතතිය සඳහා ඖෂධ භාවිත කළ බව හෙළිවී තිබේ.
"දිවයින"