Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
31
අරාබි වසන්තයෙන් අවසන් ගමන් ගිය, මහා සමාජවාදී ජනතා ලිබියාවේ සහෝදර නායකයා - Photos

- අරාබි වසන්තයෙන් අවසන් ගමන් ගිය, මහා සමාජවාදී ජනතා ලිබියාවේ සහෝදර නායකයා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43 Views

පාසල් යන දිනවල පල්ලියක නිදා ගත්තා....

ලිබියාව තුළ මත් පැන් පානය තහනම් කළා....

මළ සිරුර කාන්තාරයේ රහසිගත ස්ථානයක වළ දමා තිබෙනවා....

ලිබියාවේ ආඥදායකයා ලෙස ජනප්‍රිය තාවයක්‌ ලබා සිටි මුවම්මර් ගඩාෆි (Muammar Gadhafi) වසර 42 ක්‌ ලිබියාවේ පාලනය සියතට ගත් විප්ලවාදී නායකයකු හා දේශපාලනය ප්‍රගුණ කළ පුද්ගලයෙකි.

1969 සිට 1977 දක්‌වා ලිබියානු අරාබි ජනරජයේ විප්ලවවාදී සභාපති ලෙස සේවය කළ ඔහු පසුව 1977 සිට 2011 දක්‌වා "මහා සමාජවාදී ජනතා ලිබියාවේ" "සහෝදර නායකයා" ලෙස තම රටට සේවය කළේය. අරාබි ජාතිවාදියෙකු ලෙස අරාබි සමාජයට ඔහු උපරිම සහාය දැක්‌වූ අතර බටහිරට ගැති නොවූ පුද්ගලයෙක්‌ද විය.


වසර ගණනාවක්‌ තුළ ගඩාෆි බටහිර රටවල් සමග ජාත්‍යන්තර සබඳතා බිඳ දැමූ අතර එමගින් ලිබියාව "ජාත්‍යන්තර පරියා"ලෙස (International Pariah) කීර්තියක්‌ අත්කර ගත්තේය. Pariah යනු සමාජයෙන් කොන්කරන ලද යන අර්ථය වේ.) එක්‌ අරාබි විචාරකයෙක්‌ ගඩාෆිව හැඳින්වූයේ "මැද පෙරදිග දේශපාලනයේ පිකාසෝ" යන නමිනි.

මුවම්මර් මහම්මද් අබු මිනියාර් අල් ගඩාෆි (Muammar Mohammed Abu Minyard al Gaddafi) 1942 ජුනි 7 වැනිදා ඉතාලි ලිබියාවේ (ලිබියාව එකල ඉතාලිය විසින් පාලනය කරන ලදී) කසර් අබුහාඩි හිදී උපත ලබා ඇත. ඔහුගේ පියා" මොහොමඩ් අබ්දුල් සලාම් බින් හමීඩ් බින් මොහොමඩ්"ය.
ගඩාෆිගේ මව වූයේ අයිෂාය. වූයේ ගඩාෆිගේ පවුල ජීවත්වූයේ ග්‍රාමීය ප්‍රදේශයක්‌ වන සර්ත් කාන්තාරය අසළය. ඉතා දුප්පත් පවුලක්‌වූ ඔහුගේ පියා රැකියාවට කළේ එළුවන් හා ඔටුවන් බලා ගැනීමය.

ගඩාෆිට වැඩිමල් සහෝදරියන් තිදෙනෙක්‌ සිටියහ. ගඩාෆි බෙඩොයින් සංස්‌කෘතියේ (Bedouin බෙඩොයින් යනු කාන්තාරයේ එඬේරුන් හඳුන්වන නමය. ඔවුන් තැනින්තැන යන ස්‌ථිර වාසස්‌ථානයක්‌ නැති අයයි.) හැදී වැඩීම ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑවේය.
ඔහු නගරයට වඩා කාන්තාරයට වැඩි කැමැත්තක්‌ දැක්‌වීය. කුඩා කල සිටම ගඩාෆි ලිබියාවේ යුරෝපීය යටත් විජිතවාදීන්ගේ මැදිහත්වීම ගැන දැන සිටියේය. ඔහුගේ රට ඉතාලිය විසින් අල්ලා ගැනීම, එම කාලය තුළ උතුරු අප්‍රිකානු ව්‍යාපාරය, දෙවන ලෝක යුද්ධය, එහිදී ඉතාලි හා බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ ගැටුම් ආදිය ඔහු දුටුවේය.

ගඩාෆි ගේ සීයා වන අබ්දෙසලාම් බුමිනියාර් (Abdessalam Bouminyar) 1911 ඉතාලි ආක්‍රමණය අතරතුර ඉතාලි හමුදාව විසින් ඝාතනය කර ඇත.
1945 දෙවන ලෝක යුද්ධය අවසානයේදී ලිබියාව බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා විසින් අත්පත් කරගන්නා ලද අතර 1951 දී බටහිරට ගැති රාජාණ්‌ඩුවක්‌වූ එහි නායකත්වය " ඉඩ්‍රිස් රජු" (King Idris) භාර ගත්තේය.

ගඩාෆිගේ මුල්ම අධ්‍යාපනය දේශීය ඉස්‌ලාමීය ගුරුවරයකු විසින් ලබාදුන් ආගමික ඉගෙනීමකි. පසුව ඔහු සර්ටේ හි ප්‍රථමික පාසලකට ගියේය. මූල්‍යමය දුෂ්කරතා මධ්‍යයේ වූවද අධ්‍යාපනය තම පුතාට අනාගතයට ප්‍රයෝජනවත් යෑයි ඔහුගේ පියා සිතුවේය.

පාසල් යන සතියේ දිනවල ඔහු පල්ලියක නිදාගත් අතර සති අන්තයේ තම දෙමව්පියන් හමුවීමට සැතපුම් 20 ක්‌ ඇවිද ගියේය.

1963 දී ගඩාෆි බෙන්ගාසිහි රාජකීය හමුදා ඇකඩමියේ පුහුණුවීම් ආරම්භ කළ අතර 1964 දී ගඩාෆි නිදහස්‌ නිලධාරීන්ගේ ව්‍යපාරයේ මධ්‍යම කමිටුව ආරම්භ කළේය. එය ඊජිප්තු නායකයා වූ "නසාර්" නම් ඊජිප්තු පූර්වගාමියාව අනුගමනය කළ විප්ලවවාදී කණ්‌ඩායමක්‌ විය.

1965 අගෝස්‌තු මාසයේදී ගඩාෆි හමුදාවේ සංඥ බළකායේ සන්නිවේදන නිලධාරියෙකු බවට පත්විය. 1966 අප්‍රේල් මාසයේදී ඔහු වැඩිදුර පුහුණුව සඳහා එක්‌සත් රාජධානියට අනුයුක්‌ත කරන ලද අතර එහිදී මාස නමයක්‌ පුරා ඔහු ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක්‌ද හැදැරුවේය.

1960 දශකය වන විට ඉඩි්‍රස්‌ රජුගේ රාජාණ්‌ඩුව ජනප්‍රිය නොවීය අරාබි ජාතිකවාදය වඩ වඩාත් ජනප්‍රිය වූ අතර 1967 ඊජිප්තුව ඊශ්‍රායලය සමග සයදින යුද්ධය පරාජයට පත්වීමෙන් පසුව විරෝධතා ඇවිලී ගියේය.

බටහිර බලවතුන් සමග ඇතිකර ගත් මිත්‍රත්වය නිසා ඉඩ්‍රිස්ගේ පරිපාලනය ඊශ්‍රායල යට පක්‌ෂපාති යැයි පෙන්නුම් කළේය.

1969 වන විට එක්‌සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය ලිබියාවේ සන්නද්ධ හමුදාවන්ගෙන් කොටසක්‌ කුමන්ත්‍රණයක්‌ දියත් කරනු ඇතැයි අපේක්‌ෂා කළහ.

ගඩාෆිගේ නිදහස්‌ නිලධාරීන්ගේ ව්‍යාපාරය 1969 මැද භාගයේදී "ඉඩ්‍රිස් " රජු තුර්කියේ හා ග්‍රීසියේ ගිම්හානය ගත කිරීමට ගිය අතරතුර ක්‍රියාත්මක විය.

සැත්තැම්බර් 1 වැනිදා ට්‍රිපෝලි සහ බෙන්ගාසි ගුවන් තොටුළවල්, පොලිස්‌ ස්‌ථාන, ගුවන් විදුලි මධ්‍යස්‌ථාන සහ රජයේ කාර්යාල ගඩාෆි ගේ හිතවත් හමුදාව විසින් අත්පත් කර ගත්තේය. ගඩාෆි රාජාණ්‌ඩුව ඉවත් කළ පසු ලිබියානු අරාබි ජනරජයේ පදනම ප්‍රකාශයට පත් කළේය.

ගඩාෆි බලයට පත් වූ පසු ලිබියාව තුළ මත්පැන් පානය තහනම් කළේය.

රටේ රාත්‍රි සමාජ ශාලා ක්‍රිස්‌තියානි පල්ලි වසා දැමූහ. සාම්ප්‍රධායික ලිබියානු ඇඳුම් ඇඳීම දිරිමත් කරන ලද අතර නිල සන්නිවේදන සඳහා අවසර දී ඇත්තේ අරාබි භාෂාවටය. ඔහු 1970දී ස්‌ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කරන වැටුප් සමානාත්මතාවය අවධාරණය කරමින් නීතියත් හඳුන්වා දුන්නේය.

1971 දී ගඩාෆි ලිබියානු පොදු කාන්තා සම්මේලනයක්‌ ඇති කිරීමට අනුග්‍රහය දැක්‌විය. 1972 දී වයස අවුරුදු 16 ට අඩු කාන්තාවක්‌ විවාහ කර ගැනීමේදී ඇගේ කැමැත්ත තිබීම අනිවාර්ය කළේය.

ගඩාෆි ගේ පාලන තන්ත්‍රය කාන්තාවන්ට පුළුල් පරාසයක අධ්‍යාපනය හා රැකියා අවස්‌ථාවන් විවර කරදුන්නේය.

1970 දී ගඩාෆි ලිබියාවේ ඉතාලි බලතල අවම කිරීමට ඉතාලිය සතු ලිබියාවේ තිබූ සියලු වත්කම් අත්පත්කර ගත්තේය. ඉතාලි ජාතිකයන් 12000 ක්‌ සහ යුදෙව්වන් ලිබියාවෙන් නෙරපා දැම්මේය.

ඔහු ලිබියාවේ ක්‍රියාකාරී විදේශීය තෙල් නිෂ්පාදනයන් ජනසතු කිරීමට ක්‍රියා කළේය. ලිබියාවේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු වසා දැමිමේය.

ඔහු ඊශ්‍රායල් පලස්‌තීන ගැටුම්වලදී පලස්‌තීනයට සහාය දැක්‌වීය. එක්‌සත් ජනපදයේ සහාය ලැබූ ඊශ්‍රාලයට එරෙහිව යුද්ධ කිරීම සඳහා ජිහාඩ් අරමුදල සහ පළමු නසරයිට්‌ ස්‌වේච්ඡා මධ්‍යස්‌ථාන ආරම්භ කළේය.

ඔහු ලොව පුරා විවිධ සටන්කාමී කණ්‌ඩායම්වලට සහයෝගය දැක්‌වූ අතර ඔවුන්ගේ විප්ලවවාදී ක්‍රියාකාරකම් සහ විමුක්‌ති අරගල දිරි ගැන්වූ අතර ඔවුන් ත්‍රස්‌තවාදීන් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්‍ෂේප කළේය.

1973 දී ගඩාෆි තුන්වන විශ්ව න්‍යාය ඉදිරිපත් කළ අතර එය බටහිර රාජ්‍යයන් සහ කොමියුනිස්‌ට්‌ බලවතුන් විසින් අනුගමනය කරන ලද අධිරාජ්‍යවාදය ප්‍රතික්‍ෂේප කර ඒ වෙනුවට ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටිමින් අධිරාජ්‍යවාදයට එරෙහිව ඉස්‌ලාමීය හා තුන්වන ලෝකයක්‌ නිර්මාණය කිරීමට මඟ පෑදිය.

ඔහු ගේ දෘෂ්ටිවාදය ඉස්‌ලාමය සහ ශුද්ධ වූ අල් කුරානයේ ඉගැන්වීම් මත පදනම් විය.

1975 සිට 1978 දක්‌වා ඔහු තෙවන විශ්ව න්‍යායේ කෙටි වෙළුම් තුනක්‌ ඉදිරිපත් කළ අතර එය සාමූහිකව "ග්‍රීන්බුක්‌"(Green Book) ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

ඔහුගේ දේශපාලන දර්ශනය පිළිබඳව සවිස්‌තරාත්මකව පැහැදිලි කිරීමක්‌ පොත සපයයි.

එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය මුහුණ දෙන ගැටලු පිළිබඳව ආලෝකය විහිඳුවන අතර ඔහුගේ ප්‍රතිපත්ති මුදා හැරීමේ සාධකයක්‌ ලෙස එය පුවර්ධනය කළේය.

මේ වන විට දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීම නිසාද රට තුළ නොසන්සුන්තාවක්‌ ඇතිවිය.

1977 දී ගඩාෆි ලිබියානු අරාබි ජනරජය විසිරුවා හැර "මහා සමාජවාදී ජනතා ලිබියානු අරාබි ජමාහිරියාව" පිහිටුවීය.

1978 දී ගඩාෆි මහලේකම් ධුරයෙන් ඉවත්වී අණදෙන නිලධාරියා ලෙස සිය සේවය දිගටම කරගෙන ගියේය. පසුව රජය සමාජවාදය දෙසට ගමන් කළ අතර සමානාත්මතාවයට වැඩි අවධානයක්‌ යොමු කළේය.

1980 ගණන්වලදී තෙල් ආදායම් සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා ලිබියාවට ආර්ථික ව්‍යසනයක්‌ ඇතිවිය ආර්ථික හානිය නිසා අනෙක්‌ විදේශීය රටවල් සමග සබඳතා නරක්‌ විය.

1981 දී එක්‌සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් ගඩාෆිව හැඳින්වූයේ "ජාත්‍යන්තර පරියා" සහ "මැද පෙරදිග පිස්‌සු බල්ලා" යනුවෙනි 1984 වන විට එක්‌සත් රාජධානිය ද ලිබියාව සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමීය.

ගඩාෆි මුලසිටම ඊජිප්තුවේ ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ගේ උද්යෝගිමත් ගෝලයෙක්‌ විය. ගඩාෆිට විශාල ඇඳුම් ආයිත්තම් කට්‌ටලයන් තිබූ අතර දිනකට කිහිප වතාවක්‌ම ඔහු ඇඳුම් වෙනස්‌ කළේය.

ගඩාෆි මිලිටරි නිල ඇඳුමට (ඔහු කර්නල් තත්ත්වයට උසස්‌ වීමක්‌ද ලබා ගත්තේය.) හෝ සම්ප්‍රධායානුකූල ලිබියානු ඇඳුමට කැමැති වූ අතර බටහිර විලාසිතාවේ ඇඳුම් ඇදීමෙන් වැළකී සිටියේය.

ගඩාෆිගේ නිවස වර්ග කිලෝ මීටර් 6 ක (වර්ග සැතපුම් 2.3) පමණ බලකොටුවකි. එය ටි්‍රපොලි අගනුවර සිට සැතපුම් 27 ක්‌ ඈතින් පිහිටි එකකි.
බටහිර ජර්මනියේ ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරන ලද බංකරයක්‌ වැනි එහි ඔහුගේ පවුලේ අය තට්‌ටු දෙකක ජීවත් විය. ගඩාෆිගේ පළමු බිරිඳ වූයේ "ෆාතිහා අල් - නූරි"යා. (Fatiha Al-Nuri) 1996 දී ඇයව විවාහකරගත් අතර 1970 දී අත් හැරියේය.

ඉන්පසු ගඩාෆි සෆියා එල්- බ්‍රාසායි (Safia El -Brasai) 1970 දී විවාහ කරගත්තේය. ගඩාෆිට අයේෂා නම් එක්‌ දුවක්‌ද මුහම්මද්, සයිෆ්, අල්සාදි, මුටාසිම්, මුවම්චර්, සෙයිෆ් අල් -අරාබි, කමීස්‌ නමින් පුතුන් සත් දෙනෙක්‌ සිටියේය.

ගඩාෆිගේ නිවාස භූමිය තුළ ටෙනිස්‌ පිටියක්‌, පාපන්දු පිටියක්‌, හා උද්‍යානයක්‌ පිහිටා තිබිණි. එහි බොඩොයින් (Bedouin) කූඩාරමක්‌ හා ඔටුවන්ද සිටියේය. (බොඩොයින් කූඩාරම යනු එඬේරුන් කාන්තාරයේ ගමන් ගන්නා විට ගෙනියන කූඩාරමට කියන නමය.) ගඩාෆි වාසය කළේ මේ කූඩාරමේය.

වෙනත් අරාබි නායකයන්ට වඩා ඉතා නිහතමානි ජීවිතයක්‌ ගඩාෆි ගත කළේය. ආරක්‌ෂාව පතා ගඩාෆි තමා නිදා සිටින ස්‌ථානය නිතර මාරු කළේය.

ඔහු ගූවන් ගමන් නිරත වන විට ලිබියානු අහසේ ඇති ගුවන් යානා ගොඩ බස්‌සා තිබිය යුතුය.

විදේශ රටවලට යනවිට ඔහු එහි හෝටල්වල නැවතුනේ නැත. වෙඩි නොවදින කූඩාරමක්‌ ඒ සඳහා ගෙන ගිය අතර, ඒ එම රටවලදී ඔහුට තිබූ විදේශ තර්ජන නිසාය.

බටහිර තානාපතිවරුන් රාජතාන්ත්‍රිකයන් ඔත්තුකරුවන් වශයෙන් සලකා ගඩාෆි ඔවුන් හමුවීමෙන් වැළකී සිටියේය. ගඩාෆි තමාගේ ආරක්‌ෂාවට තබාගෙන සිටියේ ආරක්‌ෂක නිලධාරිනීයන්ය.

කරාටේ, ජූඩෝ, වෙඩි තැබීම්, ක්‍ෂණික පහරදීම් ආදියෙන් ප්‍රවීණතාවක්‌ දැරූ එම කාන්තා ආරක්‌ෂකයන් හැඳින්වූයේ "ඇමසෝනියානු ආරක්‌ෂකයන්" නමිනි (Amazonian Guard) (ඇමසෝනියානු යෑයි කියන්නේ යුද්ධකාමී වූ සහ ප්‍රබල ශක්‌තියක්‌ ඇති ස්‌ත්‍රීන් හඳුන්වන නමය) ගඩාෆි ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිතර පරීක්‌ෂා කිරීමට යුක්‌ක්‍රේන ජාතික හෙදියන් කිහිප දෙනකු සේවයට බඳවාගෙන සිටියේය.

2010 දෙසැම්බරයේ ටියුනීසියාවේ සිට අරාබි ලෝකය හරහා කැරැල්ලේ සුළං හමන්නට පටන් ගත්තේය. මෙය "අරාබි වසන්තය" නමින් හැඳින්වූයේය. එහෙත් ලිබියාව " ඊළඟට කවුද? යන ලැයිස්‌තවේ ඉහළින්ම සිටියේද නැත. එහෙත් ලිබියාවේ බංගසා නගරයෙන් ගඩාෆි විරෝධී විරෝධතා මතුවිය.

ගඩාෆි හමුදාව යොදවා කැරළි මර්ධනය කිරීමට පටන් ගත්තේය. 2011 පෙබරවාරි 22 දා ගඩාෆි රූපවාහිනියේ පෙනී සිට ඉල්ලා අස්‌වීම ප්‍රතික්‍ෂේප කළ අතර ඔහු කියා සිටියේය විපක්‌ෂය මෙයට මැදිහත්වී ඇති බවය. මේ අතර විපක්‌ෂයේ බලවේග ශක්‌තිමත් වීමත් සමග ගඩාෆිගේ බලය දුර්වල විය.

පෙබරවාරි අවසානය වනවිට විපක්‌ෂ හමුදා ලිබියානු භූමියේ විශාල ප්‍රමාණයක්‌ පාලනයට යටත් කරගෙන අගනගරය වන ටි්‍රපොලිය වට කළේය. ඔවුන් "නේටෝවේ" සහායද ලබාගත් අතර ගඩාෆිගේ හමුදාවට දිගට හරහට පහර දුන්නේය, ගඩාෆි පාලනය හුදකලා විය.

පෙබරවාරි 28 බටහිර මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකදී ගඩාෆි කීවේ තමා තවමත් ලිබියානු ජනතාවට හොඳින් ආදරය කරන බව සහ පාලන තන්ත්‍රය පෙළපාලි කරුවන්ට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදු නොකළ බවය.

ලිබියාවේ විපක්‌ෂය සංවිධානය කර ඇත්තේ අල්බයිඩා සංවිධානය බව ඔහු නැවත නැවතත් කියා සිටියේය. ගඩාෆිගේ ක්‍රියාවන්ට ජාත්‍යන්තර විරෝධතා දිගින් දිගටම පැවැතිනි. අප්‍රේල් 30 වනදා ට්‍රිපෝලි හිදී නේටෝ ගුවන් ප්‍රහාරය මගින් ගඩාෆිගේ බාල පුත් සෙයිෆ් අල් - අරාබි සහ ගඩාෆිගේ මුණුපුරන් තිදෙනෙක්‌ මරණයට පත්විය.

ගඩාෆි තුවාල නොලබා පළා ගියේය. 2011 අගෝස්‌තු මාසයේදී කැරලිකාර හමුදා ට්‍රිපෝලි නගරයට ඇතුළු වී එය අත්පත්කර ගත්තේය. ගඩාෆි සොයා ගැනීමට ඔවුන් දැරු උත්සාහය ව්‍යවර්ථ විය.

ඔක්‌තෝබර් 20 වන දින ගඩාෆි ජැරෙෆ් මිටියාවතේ රැකවරණය ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් සිවිල් මිලිටරි රථයකින් සර්ටේ දිස්‌ත්‍රික්‌කයෙන් පිටතට පැමිණියේය.

උදේ 8.30 ට පමණ නේටෝ බෝම්බකරුවන් පහරදී අවම වශයෙන් වාහන 14 ක්‌ විනාශකර 53 ක්‌ මරා දැමීය. ගඩාෆි සහ ඔහුට සමීපතමයන් අසල පිහිටි විලා වෙත පලාගිය අතර කැරලිකාර හමුදා විසින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළේය. මිස්‌රාටා ඉදිකිරීම් ස්‌ථානයකට පලාගිය ගඩාෆි සහ ඔහුගේ සගයා ජල පවහන නලයක්‌ තුළ සැඟවී සිටියදී ඔහුගේ ආරක්‌ෂකයන් කැරලිකරුවන් සමග සටන් කළහ.

ගැටුමේදී ගඩාෆිට අත්බෝම්බ පිපිරීමකින් හිසට තුවාල වූ අතර ආරක්‌ෂක අමාත්‍ය අබුබකර් යුනිස්‌ ජබ්ර් මිය ගියේය. ගඩාෆිව අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී ඔහුට බරපතළ තුවාල සිදුවිය. ගඩාෆි ව පිකප් ට්‍රක්‌ රථයක ගැටගසා ඇද ගෙන ගිය අතර ඔහු මියගොස්‌ සිටියේය.

නිල වාර්තාවල සඳහන් වන්නේ ඔහු හිසට වෙඩි වැදීමෙන් ඔහු මියගිය බව හිසට වෙඩි වැදීමෙන් ඔහු මියගිය බවට පුවත්පත්වලට දැනුම් දුන්නද මරණ පරීක්‌ෂණ වාර්තාවක්‌ ප්‍රසිද්ධ නොවීය. මළ සිරුර දින හතරක්‌ තිස්‌සේ ප්‍රදර්ශනය කරන ලද අතර පසුව එය කාන්තාරයේ හඳුනා නොගත් රහසිගත ස්‌ථානයකදී වළ දමා ඇත.

"දිවයින"
රුවන් තරස්‌වින්

ගඩාෆිගේ ඡායාරූප පහතින්....


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top