Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
19
"බෑග් අරගෙන බස් එකේ එනකොට අපිට බෝල ගහන කෙල්ලෝ කියල විහිළු කරනවා..." - ශෂිකලා සිරිවර්ධන - Photos

- "බෑග් අරගෙන බස් එකේ එනකොට අපිට බෝල ගහන කෙල්ලෝ කියල විහිළු කරනවා..." - ශෂිකලා සිරිවර්ධන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

" ඒ ගොල්ලොන්ට කිසිම මුදලක්වත් කිසිම සැප පහසුකමක් තිබ්බේ නෑ.."   

"ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා..."

"මම ක්‍රීඩා කරන්නේ තනිකරම මගේ දෙමව්පියන්ගේ විශ්වාසය නිසා. මගේ තාත්තා තමයි මාව යොමු කළේ. කාන්තා ක්‍රිකට් ගැන ඒ කාලේ අපිට කිසිම දෙයක් අහන්න දකින්න තිබුණේ නෑ. ඉස්සර ක්‍රීඩා කරපු හැම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ම ක්‍රීඩා කළේ දෙමව්පියන්ගේ උදව්වෙන්."


ශෂිකලා සිරිවර්ධන රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

ඉතා කුඩා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට හිත යොමු වූ බව පවසන ශෂිකලා, කුමන බාධක පැමිණිය ද තම සිහිනය සැබෑ කර ගැනීමට අදිටනින් කටයුතු කළ බව පවසයි.

"ඉස්සර ගොඩක් අමාරු තත්ත්වයක් තිබ්බේ. ඇත්තටම බස් එකක අපේ බැට් එක, බෑග් එක අරන් එන්න අපහසුයි. අපි එන කොට අපිට බෝල ගහන කෙල්ලෝ කියල විහිළු කරනවා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු අපිට දැන් ආදරය කරනවා."

ශෂිකලා සිරිවර්ධන සිය ක්‍රීඩා දිවිය ගැන එසේ බීබීසී සිංහල සේවයට හෙළි කළේ පසු ගිය දිනක කොළඹදී ඇය හමු වූ අවස්ථාවකදීය.

ශෂිකලා, 2003 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව තම ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට සහභාගි වූවාය.

කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 1000 ක් රැස් කළ සහ කඩුලු 100කට වඩා දවාගත් එකම ක්‍රීඩිකාව ඇය වේ. එම දස්කම කළ ආසියාවේ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩිකාව වන්නේද ඇය යි.

"මම වසර 16ක් පමණ ඉන්න නිසා මම හැම කෙනාත් සමගම ක්‍රීඩා කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට කණ්ඩායම ගෙනාවේ. ඒ ගොල්ලොන්ට කිසිම මුදලක්වත් කිසිම සැප පහසුකමක් තිබ්බේ නෑ ඔවුන්ගේ ආසාව නිසා තමයි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළේ. මම හිතන්නේ කොච්චර ක්‍රීඩාව වෙනස් වුනත් ඒ ආසාව ඒ කැපවීම හැම ක්‍රීඩිකාවක් සතුවම තියෙන්න ඕනේ. පහසුකම් ලැබුණත් කොච්චර මුදල් ලැබුණත්. මම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් ඉගෙන ගත් දේ ඒක. මම හිතන්නේ ඒ පැෂන් එකත් එක්ක මම හිතන්නේ ඉදිරියට ගියොත් නවක ක්‍රීඩිකාවන්ට ඉදිරියට යන්න පුළුවන්."

මේ වන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව අටවන ස්ථානයේ පසුවේ.

සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ඒ සඳහා සුදානම් වෙමින් සිටියි.

"විශේෂයෙන් පන්දු වාර 50 තරඟවලින් පොඩ්ඩක් අපි පසු බෑමකට ලක් වුණා. මොකද දැන් අපේ කණ්ඩායමේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ කිහිප දෙනයි. නවක ක්‍රීඩිකාවන් තමයි වැඩියෙන් ඉන්නේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් එකවර ක්‍රීඩාවෙන් සමුගත්තා. මම හිතනවා නවක අය අත්දැකීම් ගන්නවා. ඒ අය හොඳට ක්‍රීඩා කළා එංගලන්ත සංචාරයේ. ඒක අපිට ඉස්සරහට හොඳ සලකුණක්. ඉදිරි වසර දෙක ඇතුළත ඒ අය ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් එක්ක එකතු වෙලා හොඳ දෙයක් කරයි කියල හිතනවා."

කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින්නේ අඩු අවධානයක් දැයි විමසූ විට ශෂිකලා පැවසුවේ, කාන්තා ක්‍රිකට් තරඟ රූපවාහිනියෙන් පෙන්වීම අඩු වීම ඊට එක් හේතුවක් බවය.

"ඒක නිසා ජනතාව අතරට යෑම අඩුයි. ඒක තමයි මුළු ලෝකෙම තියෙන මතය. දැන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය හැම තරඟයක් වගේම පෙන්වනවා. අපේ ICC තරඟ විතරයි රූපවාහිනියෙන් පෙන්වන්නේ. ඒක නිසා මිනිස්සු අතරට යනවා අඩුයි. ඒක වෙනස් වෙමින් පවතිනවා. අපිත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ශ්‍රී ලංකා කාන්තා තරඟත් රූපවාහිනියෙන් වැඩියෙන් පෙන්වයි කියල."

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ප්‍රචලිත කිරීම සඳහා ග්වෙන් හේරත් සුවිශේෂ කාර්යයක් ඉටු කළ බව ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.

"ඒ කාලේ ICC එක තිබ්බේ නැහැ. අපිට තිබ්බේ IWCC එක. එකේ යටතේ රෙජිස්ටර් වෙලා සමහර ආයතන සමග එකතු වෙලා කාන්තා ක්‍රිකට් පවත්වා ගෙන අවේ. 1997 ඉඳන් 2006 වෙනකම් එතුමියගේ උත්සහයෙන් තමයි කාන්තා ක්‍රිකට් කරගෙන අවේ. 2006 වසරේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කාන්තා ක්‍රිකට් අනුබද්ධ කර ගත්තේ. ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනේ එතුමියගේ උත්සහය."

එසේම වර්තමාන සමාජය තුළ කාන්තා ක්‍රිකට් ගැන ඇති ආකල්පය ද යහපත් බව ඇයගේ අදහසයි.

මේ වන විට පාසල් 50ක පමණ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඇති අතර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ජාතික, සංවර්ධන සහ නැගී එන වශයෙන් සංචිත තුනකට තෝරා ගැනෙති.
 
 
එබැවින් නවක ක්‍රීඩිකාවන්ට ඉදිරියට ඒමට සුදුසු වටපිටාව නිර්මාණය වී තිබෙන බව ශෂිකලා කීවාය.

"මේකට ලොකු අනාගතයක් තියෙනවා වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කරන්න. අපේ විශේෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා විශේෂයෙන්ම ලෝකේ පළවෙනි 10 දෙනා අතර. උදේශිකා වගේ ක්‍රීඩිකාවන් T20 වල ලෝකේ අංක එක වුණා. ඒ වගේම චමරි අතපත්තු නිතරම පළවෙනි 10 දෙනා අතර ඉන්නවා. එයා බිග් බෑෂ්, කියා වගේ ලීග් වලට යනවා. මම, චමරි සෙනෙවිරත්න, ඉනෝකා රණවීර. මේ වගේ අපේ ක්‍රීඩිකාවන් නිතරම පළවෙනි 10 දෙනා 20 දෙනා අතර ඉන්නවා. ඒ වගේ දේවල් නිසා අපි ගැන තියෙන මතය ගොඩක් හොඳ අතට හැරිලා තියෙනවා කියලයි හිතෙන්නේ."

නමුත් පිරිමි කණ්ඩායම මෙන් ආර්ථික වශයෙන් ක්‍රීඩාව වර්ධනය වීමට නම් තව තවත් හොඳ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත යුතු බව ඇය පවසන්නීය.

ලෝකයේ ඉදිරියෙන් සිටින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව නිතර පරාජය කිරීමට හැකි වන්නේ නම් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ද ඉහළ මුදලක් උපයා ගත හැකි වනු ඇතැයි ශෂිකලා කීය.

"ආර්ථික වශයෙන් ගත් විට යම් අඩු භාවයක් තියෙනවා. මොකද අපිව කොන්ත්‍රාත් ගත කරලා තියෙන්නේ අපේ දක්ෂතා අනුව. සමහර රටවලට හොඳ රටවල කොන්ත්‍රාත් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ ඒ සෙකුරිටි එක අපිට දීල තියෙනවා. නමුත් ඒ ලැබෙන ප්‍රමාණය ලැබෙන දේ වැඩි කර ගන්න අපි නිතරම හොඳට ක්‍රීඩා කරන්න ඕනේ. ඒක ක්‍රීඩිකාවන්ගේ වගකීමක්."

බි.බි. සී සිංහල




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top