ආදරේට වයස, පාට, පක්ෂ වගේම ගැහැණුද පිරිමිද කියන එකවත් දැන් හරස් වෙන්නේ නෑ. අක්කලා මල්ලිලාව කසාද බඳිනවා, නංගිලා නංගිලාවම කසාද බඳිනවා, සීයලා දුවලව කසාද බඳිනවා... ලෝකෙ ස්වභාවය එහෙම වුණාට මොකද ලංකාවේ නං තාම එහෙම නෑ. ඒකට එකම හේතුව තාම ලංකාවේ දරුවෝ ඉපදෙන්නේ සංස්කෘතිය කියන මාංචු දාගෙන නිසායි.
ඔය මාංචු අපිට ලැබුණේ ඉන්දියාවෙන්ලුනේ. ඒ වුණාට ඉතිං දරුවට කෙලින් යන්න කිය කිය ඇදේට යන කකුළු අම්මා වගේ ඉන්දියාව නං මේ වෙද්දිත් ට්‍රැක් පැනලා.
අඬ බෙර ගහලා මඟුල් නොකෑවට මොකද එහෙ සමහරු හොරෙන්ම සම ලිංගික මඟුල් කනවා. දෙපා වාරු නැති ඉන්දීය සීයලට පුංචි කෙල්ලොන්ව දන් දෙනවා. ඒ අතරේ අක්කලා මල්ලිලාට ආදරෙත් කරනවා.
අදත් එහෙම අක්කෙක් ගැන අපිට ආරංචි වුණා. එයා, නම කිව්වමත් පිස්සු හැදෙන කත්‍රිනා කයිෆ්. ඇය මේ වෙද්දි අවුරුදු 19ක පුංචි කොලුගැටයෙක්ට බොක්කෙන්ම ලව්. බාල අපරාධ කියලා ඔබ කියයි, කත්‍රිනාගේ වයස නොදන්න නිසා. ඇයට දැන් 22යි.
වෙන්න බෑ නේද? කත්‍රිනාට ඊට වඩා නාකි පාටයිනේ. හරි හරි ඇත්තම කියන්නම් කෝ... මේ කතාව තියෙන්නේ මේ වෙද්දි ෂූටින් පටන් අරගත්ත Jagga Jasoos චිත්‍රපටයේ. ඇත්තටම වයස 30ක් වෙන කත්‍රිනා මේ චිත්‍රපටයට අවුරුදු 22ක් වෙනවා.
ඇයට තියෙන්නේ අවුරුදු 19ක වයසේ චරිතයක් රඟපාන ඇත්ත ජීවිතේ පෙම්වතා වෙන රන්බීර් කපූර්ට ආදරේ කරන්න. රන්බීර්ටත් දැන් ඇත්තටම 32ක් වෙනවා. කොහොම හරි විශේෂ වේශ නිරූපණ ශිල්පියෙක් යොදාගෙන පට්ට මේකප් එක්ක දාලයි දෙන්නවම තරුණ කරවලා තියෙන්නේ.