මිනිසාගේ නොසැලකිලිමත් වැඩ නිසා, අන් අය ගැන නොසිතා වැඩ කරන නිසා සතුන් විවිධාකාරයේ කරදරවලට මුහුණ දෙනවා. ඒ තුලින් ඔවුන්ගේ ජීවිත පවා නැතිවෙනවා.
ඒ විදියට මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා කරදරේ වැටුනු බල්ලෙක් ගැන තමයි අපි කියන්න යන්නේ. මේ සිද්ධිය වාර්තාවෙන්නේ ඉන්දියාවෙන්. පාර යන ගමන් මේ බල්ලා මිනිස්සු පාවිච්චි කරපු තාර වලකට වැටෙනවා.
ඒ වගේ ඝන ද්‍රව්‍යයක් වැටුණා කියන්නේ අසරණ සතෙක්ට ඒ දේවල් ඉවත් කරගන්න කොහොමටත් බෑ.
එත් උතුම් මනුස්සකම් දන්න ඉන්දියාවේ තරුණ තරුණියෝ ටිකක් මේ අසරණ බල්ලට පිහිටවෙනවා. ගල් වෙලා තිබුණු තාර නිසා මේ බල්ලා අන්තඅසරණ වෙලා තමයි ඉදලා තියෙන්නේ.
ඔවුන්ගේ මේ උතුම් ක්‍රියාව Animal Aid Unlimited නමැති සංවිධානය විසින් YouTube වෙතත් නිකුත්කරලා තියෙනවා.
එම වීඩියෝව පහතින්...