කෙනෙකුගෙන් වයස අහන විට ඊට පිළිතුරු දෙන්න බොහෝ දෙනෙකු කැමති වෙන්නේ නැහැ. මගේ වයස කීයක් විතර පේනවද කියලයි අහන්නේ. එහෙම ඇතැම් අයගේ වයස පෙනෙන්නේ නැහැ. ඇතැම් අයගේ වයස මුහුකුරා ගියා වගේ පෙණුමක් ගන්නවා. වයසට යන එක කාටවත් නතර කරන්න බැරි වුණත් පෙණුම තරුණ විදිහට තබා ගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඊට අපි ලබා ගන්න ආහාර රටාව බලපානවා. තරුණ පෙණුම ගන්න වගේම පෙණුම රැකගන්න මේ පුරුදු වලින් වළකින්න
කැෆේන් අධික ආහාර
තේ, කෝපි වැනි පානයන්, ශක්තිජනක පාන, සෝඩා මෙන්ම චොකලට්, පරිභෝජනය කිරීමෙන් සම ඉතා ඉක්මනින් විජලනයට ලක් වෙනවා.
ලුණු භාවිතය අවම කරන්න
සෝඩියම් අධික ආහාර වැඩිපුර ගැනීමෙන් සම ඉක්මනින් වයසට යනවා. ඒ වගේම හදවත් රෝග ඇති කරන්නත් එය හේතුවක්.
සීනි අධික ආහාර
සිනි අධික ආහාර නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ ඇදෙන සුළු බව නැතිවෙනවා. එතකොට සම රැළි වැටෙනවා.
කලින් පිළියෙළ කළ මස් වර්ග
ආහාරයට ගැනීම හැකි තරම් අවම කරන්න. සොසේජස්, මීට් බෝල්, බේකන් වැනි ආහාරවල ඇති කල්තබා ගැනීමේ රසායනිකයන් නිසා සම ඉක්මනින් වියපත් කරනවා.
පිළිස්සූ මස්
වලින් සමේ ඉදිමුමක් ඇති කරන්න පුළුවන් අහිතකර දෑ නිකුත් වෙනවා. ඒ වගේම එයින් සමේ ඇති කොලජන් අහිමි කරවනවා. ඒ හේතුවෙන් සම ඉක්මනින් වයසට යනවා.
අධික ලෙස මිරිස් යෙදූ සැර අධික ආහාරවලින් ඈත්වෙන්න. මිරිස් ඇතුළු කුළුබඩු හැකි තරම් සීමා කරන්න. සැර අධික ආහාරවලින් සමේ පැහැයට හානි කරනවා.
කිරි සහිත ආහාර
කිරි සහිත ආහාර සියල්ලක්ම සමට අහිතකර නැහැ. නැවුම් කිරි, යෝගට් සමට ඉතාමත් හිතකරයි. නමුත් විශේෂයෙන් විවිධ ආකාරයට පිළියෙළ කළ චීස් වර්ග සමට එතරම් සුදුසු වෙන්නේ නැහැ.
පොප් කෝන්
පොප් කෝන්වලට ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා. ඒත් එහි අඩංගු ට්‍රාන්ස් කියන මේද කොටස් හදවතට වගේම සමටත් හිතකර වෙන්නේ නැහැ. සම මත ඇතිවන ඉන්නන් සහ ලපවලට මෙය හේතුවක්.