Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
"මම වගේ පෙනිහිටිය වෙන කෙනෙක් මම සංගමයක ඉන්නවා කියලා ආධාර එකතු කරන්නත් ලැහැස්ති වෙලා.."

- "මම වගේ පෙනිහිටිය වෙන කෙනෙක් මම සංගමයක ඉන්නවා කියලා ආධාර එකතු කරන්නත් ලැහැස්ති වෙලා.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"මම අන්තිමට පොලීසියට ගියා.."

"ඒ කවුද කියලා ඇඟිල්ල දික් කරන්න කවුරුවත් නම් නැහැ..."

රොෂාන් පිලපිටිය.කාලයක්ම පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණා. තවමත් ඔහුගේ අහිංසක පෙණුම චරිත හරහා දකින්න ලැබෙනවා. ඒ අහිංසකකම හා රංගනයේ දක්ෂතා නිසාම ඔහු ජනතාව අතර ඉන්න නළුවෙක් බවට පත් වුණා. මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ තොරතුරුයි.


රොෂාන් මොකද වුණේ?
මගේ ෆේස් බුක් ගිනුම හැක් කරලනෙ. මොන හේතුවකට කළා ද මන්දා.

 කොහොමද ඒ බව දැන ගත්තේ?
මං ඔය නිතරම ෆේස්බුක් එකේ ගැවසෙන කෙනෙක් නෙවෙයි. ඉඳලා හිටලා මොනවා හෝ දැම්මොත් මිසක්. ඒ හින්දා ළඟදී ගිණුමට ගියේම නැහැ. ඔය අතරෙ මගේ මිතුරො කිහිප දෙනෙක් මට කිව්වා අවස්ථා කිහිපයකදී මං ඔන්ලයින් ඉන්නවා දැක්කා කියලා. ඒ ඔස්සේ තමයි මා දැනගත්තේ මගේ ගිණුමට කවුරු හරි රිංගලා කියලා.

 කවුරු හරි සැක කරන කෙනෙක් ඉන්නවද?
අනේ නැහැ. මං එක අතකින් හිතන්නේ නැහැ මේක හිතලම කවුරු හරි කරපු වැඩක් කියලා. ඇතැම් විට ජොලියට කළා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේකනෙ මගේ ගිනුමට ගිහින්නේ. මට ඒ කවුද කියලා ඇඟිල්ල දික් කරන්න කවුරුවත් නම් නැහැ.

 ඔහු ඔබේ ගිණුම හරහා වෙනත් කාට හෝ පණිවුඩ යවලද?
නැහැ. එහෙම මුකුත් කරලා නැහැ. දන්න විදිහට ගිනුමට ඇතුළු වෙලා විතරයි.

 ඔබේ ගිනුම හැක් කළ දෙවැනි අවස්ථාව නේද මේ?
ඒකනෙ. මීට කලින් වතාවකුත් එහෙම කළා. එතකොට නම් මීට වඩා අකරතැබ්බවලට මුහුණ දුන්නා. ඒ පාර මගේ එකවුන්ට් එකට රිංගපු කෙනා මම මොකක්දෝ සංගමයක ඉන්නවා කියලා ආධාර එකතු කරන්නත් ලැහැස්ති වෙලා. අන්තිමේ මිරිහානේ පොලීසියට ගිහිල්ලයි වැඩේ ඉවර කර ගත්තේ.

 ඔබ මෙවර සිදු වූ දෙය ගැනත් පැමිණිළි කරන්න ඇති?
මේ වන විට වෙනමම ස්ථානයක් තියෙනවා මේ පැමිණිලි වෙනුවෙන්ම. මම එයට පැමිණිලි කළා. මේ වන විට එමඟින් නීතිමය ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා. මේ වෙලාවේ මට තව දෙයක් කියන්නට අවශ්‍යයි.

 ඔව් රොෂාන් කියන්න?
ෆේස් බුක් හරහා වෙන අකටයුතුකම්වලට පැමිණිලි දාන්න රජයේ ස්ථානයක් තිබීම ඇත්තටම අගය කළ යුත්තක්. ඒ ගැන වැඩි දෙනෙකු දන්නේ නැහැ. 0112691692 තමයි එහි දුරකතන අංකය. ෆේස් බුක් හරහා යම් අකටයුත්තක් වුණා නම් ඉක්මනට මෙතැනට කියන්න.

 ඔබේ ව්‍යාජ ෆේස්බුක් ගිනුම් කිහිපයක්ම තියෙනවා. ඒවායින් ඔබේ නිවැරිදි ගිනුම හඳුනාගන්නේ කොහොමෙද?
මේ සිදුවීමත් එක්ක මං මගේ ඇත්ත ගිණුම ඇතුළුව සියලුම ෆේස් එකවුන්ට් අයින් කරලා දැම්මා. දැන් ආයෙත් අලුතින් ගිණුමක් අද හෙට පටන් ගන්නයි අපේක්ෂා කරගෙන ඉන්නේ.

 ඔබට ෆේස්බුක් ගිණුමක් අත්‍යවශ්‍යද?
වෙලාවකට මට හිතෙනවා මොකටද ෆේස්බුක් ගිනුමක් කියලා. නමුත් අපේ අලුත් නිර්මාණයක් සමාජයට යවන්න මෙමඟින් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ප්‍රචාරණයදී යම් යම් වාසිත් තියෙනවා. ඉස්සර ජංගම දුරකතන ආව කාලේ මට මතකයි හැමෝම අහනවා මොබයිල් එකක් ගත්තේ නැද්ද කියලා. ඒ වගේම තමයි දැන් අහන්නේ ෆේස්බුක් එකක් නැද්ද කියලා. එතරම්ම දැන් සමාජයට එය අත්‍යවශ්‍ය දෙයක් වෙලා.

 අවසන් කොට ඔබට යමක් කියන්නට ඇති?
මං මේ වෙලාවේ ඉල්ලනවා ඔය හැකර්වරු හැමෝගෙන්ම අපේ ගිණුම්වලට රිංගන්න එපා කියලා. මොනවද ඉන් ලබන තෘප්තිය. මට නම් හිතාගන්නවත් බැහැ. මගේ විතරක් නෙවෙයි ජනප්‍රිය අයගේ ගිනුම්වලට ඔය හැකර්වරු රිංගනවා. අන්තිමේ ලබන දෙයකුත් නැහැ. අපිත් අපහසුතාවයට පත් වෙනවා. අනෙක් අය ගැන ටිකක් හිතුවා නම් එහෙම වෙන්නේ නැහැනෙ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top