ලාබාල පෙම් යුවළක් බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය සමුහ දූෂණය කළ තරුණයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය සඳහන් කරනවා.
උපකාරක පංති යන මුවාවෙන් පැමිණ මෙම පෙම් යුවල කැලෑවැද සිටි බවයි වාර්තා වන්නේ.
පෙම්වතිය අවුරුදු 17ක ලාබාල තරුණියක් වන අතර පෙම්වතාගේ වයස අවුරුදු 20ක්.
ඔවුන් මහියංගනය -පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මොවුන් මහියංගන දියබානා වැව ප්‍රදේශයේ වන ළැහැබක පෙම් සුව විඳිමින් සිටියදී ප්‍රදේශයේ තරුණයන් පස් දෙනකු පැමිණ පෙම් යුවළට බලපෑම් කර බියවද්දා තිබෙනවා.
පසුව පෙම්වතාට පහරදී පෙම්වතිය බලහත්කාරයෙන් කැලය තුළට රැගෙන ගොස් බරපතළ ලෙස අපයෝජනය කර සමුහ දූෂණයට ලක්‌කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
තරුණිය සති අන්ත පන්තියකට යන බව නිවසට කියා මෙසේ පෙම්වතා සමඟ පැමිණ තිබෙනවා.
සමුහ දුෂණයට ලක්වීමෙන් පසු තරුණිය නිවසට ගොස් සිද්ධිය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා පදියතලාව රෝහලට පළමුව ඇතුළත් කෙරුනා.
පසුව වැඩිදුර පරීක්‌ෂණ සඳහා මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් මහියංගන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් පැය 12 ක් ගතවීමට පෙර ස්‌ත්‍රි දූෂකයන් පස්‌දෙනා කොටුකර ගැනීමට සමත් වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.
අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 17, 18, 20, 22, 25 යන වයස්‌වල පසුවන මහියංගනය - 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් බවද සඳහන්.
සමුහ දුෂණයට ලක් වූ ලාබාල තරුණිය තවමත් නේවාසික ප්‍රතිකාර ලබනවා.
අත්අඩංගුවට ගනු ලැබූ ස්‌ත්‍රී දූෂක සැකකරුවන් මහියංගන දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.