Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"අසාර්ථක විවාහ ජිවිත ඇතුළේ සාර්ථකව පවුල් ජිවිතේ ගෙනියන හැටි සුජානි කියයි..." - Photos

- "අසාර්ථක විවාහ ජිවිත ඇතුළේ සාර්ථකව පවුල් ජිවිතේ ගෙනියන හැටි සුජානි කියයි..." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"සමහර නිර්මාණවල ස්ක්‍රිප්ට් පවා නැහැ.."

"අපි අතර බෙදීම් නැහැ.."

සුජානි මේනකා කියන්නේ නිරන්තරයෙන්ම පුංචි තිරයේ හෝ රිදී තිරයේ දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. නමුත් ඉදහිට හෝ සම්බන්ධ වෙන්නේ ඇයව මතක හිටින චරිත වලිනුයි.කලාව එක්ක ගණුදෙනු කරන මේනකා ගැන පුවත් පතක සටහන් වූ අලුත් තොරතුරුයි මේ.


මේ දවස්වල වැඩිපුර පේන්න නැත්තේ ඇයි සුජානි?
මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක්ම විකාශය වෙලා නිමවුණා. කලින් භාරගත්ත ටෙලිවල රූගත කිරීම්වලට නම් සම්බන්ධ වෙනවා. අලුතින් ආපු වැඩ නම් භාර ගත්තේ නැහැ.

අලුත් වැඩ භාර නොගන්නත් හේතුවක් ඇති නේද?
මට හිතුණා, මට ඒ ලැබුණු නිර්මාණ ගැළපෙන්නේ නෑ කියලා. මේ කාලේ හම්බෙන ලැබෙන බොහෝ නිර්මාණ ප්‍රමිතියෙන් අඩු නිර්මාණ. සමහර නිර්මාණවල ස්ක්‍රිප්ට් එකක් පවා නැහැ. ඒ වගේ නිර්මාණවල නම් මම රඟපාන්නේ නැහැ. ඒ නිසා මගේ අතින් නිර්මාණ ප්‍රතික්ෂේප වෙනවා වැඩියි.

නිර්මාණ භාර ගනිද්දි පවුල් ජීවිතය ගැනත් හිතනවද?
බිමල් වැඩවලින් ගොඩක් කාර්යබහුලයි. ඉතිං ඒ නිසා මම කාර්යබහුල නොවී ඉන්න තීරණය කළා. ඒ නිසා තෝරා බේරා ගැනීම් එක්ක කටයුතු කරනවා.

සුජානිගේ තීරණවලට බිමල් බලපෑම් කරන්නේ නැද්ද?
මගේ වෘත්තීයමය දේවල්වලට බිමල් බලපෑම් කරන්නේ නැහැ. හැබැයි තීරණයක් ගනිද්දි අපි කතාබහ කරනවා. මම ඕනෑම දෙයක් ගැන නිවැරැදි තීරණය ගන්නවා කියලා එයා දන්නවා. ඒ නිසා මට බලපෑමක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.

තෝරලා බේරලා වැඩ අඩුවෙන් කරද්දි සුජානි තමන්ව බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් කරනවා කියලා හිතෙන්නේ නැද්ද?
ගොඩක් අය අහනවා ඇයි මම වැඩිපුර පේන්න නැත්තේ කියලා. දැන් ගුණාත්මක ටෙලි නාට්‍ය අඩුයි. ඒ නිසා තෝරලා බේරලා හොඳ වැඩක ඉන්නවා කිව්වම ප්‍රේක්ෂකයෝ තේරුම් ගන්නවා. මම ඉස්සරත් හැම දෙයකම පේන්න හිටියේ නැහැ. දැන් ඊටත් වඩා තෝරා බේරාගෙන වැඩ කරන්නේ.

වැඩ අඩුවෙන් කරලා ජීවත් වෙන්න තරම් අතමිට සරුද?
මුදල් මතම තීරණ ගත්තොත් අපි හදා ගත්ත තැනට හානියක් වෙන්න පුළුවන්. අපි දෙන්නා සරලව ජීවත්වෙන දෙන්නෙක්. ඒ නිසා දැනට අපිට ජීවත්වෙන්න ආර්ථික ශක්තිය තියෙනවා. ඔය අතරේ මට අදහසක් තියෙනවා රංගන වෘත්තියට අමතරව මොකක් හෝ දෙයක් පටන් ගන්න. ඒකට අඩිය තියන්න බලාගෙන තමයි පොඩි බේ්‍රක් එකක් ගත්තේ.

සුජානිගෙයි බිමල්ගෙයි විවාහ ජීවිතයට වසර දහයකුත් ඉක්මවලා. කලා ලෝකයේ සාර්ථක පවුල් ජීවිත ගැන කතා කරද්දි සුජානි, බිමල් පවුල ගැනත් බොහෝ අය කතා කරනවා. විවාහ ජීවිතයේ සාර්ථකත්වය ගැන කතා කරන්න අකැමැති නැතිව ඇති?
විවාහ ජීවිතයකට යන්නේ නොගැළපෙන දෙන්නෙක්. ඒ නොගැළපෙන දෙන්නා සාර්ථකවෙන්න නම් ඒ දෙන්නාට දෙන්නා ඒ ඒ කෙනාව අධ්‍යයනය කරන්න ඕනෑ. දේවල් ෂෙයාර් කරගන්න ඕනෑ. අපි දෙන්නත් ජීවිතේ බොහෝ දේවල් තේරුම් අරගෙන ජීවත් වුණා. සමහර තැන් තේරුම් නොගෙන කතාබහක් ඇති වුණා නම් වැඩි කාලයක් නොයවා ඒවා විසඳ ගන්නවා. අපි දෙන්නට අපි ගැන අවබෝධයක් තියෙනවා. මේ වෙනකල් අපි ඉතා හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා. අපේ ජීවිතේ සුන්දරව ගෙවී ගෙන යනවා. ජීවිතේ තාමත් සුන්දරයි. දවසින් දවස ජීවිතය අලුත්.

සුජානිගෙයි, බිමල්ගෙයි ජීවිතයට කාර්යබහුලත්වය කියන දෙයින් බලපෑමක් වෙලාම නැද්ද?
අපි දෙන්නා වැඩවලට දින දෙන්නෙත් කතාබහ කරලා. අපි අපේ වෘත්තීයමය කාර්යබහුලත්වය ජීවිතයට බාධාවක් කරගන්නේ නැහැ. මොකද අපි දෙන්නම කරන්නේ එකම වෘත්තිය. අපි දෙන්නම කාර්යබහුල වෙලා අන්තිමේදී මට හිතුණා කාර්යබහුල වුණා ඇති කියලා. ඒ නිසා තමයි තෝරාබේරාගෙන වැඩ ටිකක් කරනවා කියලා හිතුවේ.

සමහරු නම් කියන්නේ කල් යන්න යන්න පවුල් ජීවිතය නීරස වෙනවා කියලා. හැබැයි ඔය කියන කතාව සුජානිගෙයි, බිමල්ගෙයි පවුලට අදාළ නැද්ද?
පවුල් ජීවිතය නීරසයි කියන එක සමහරු මනසට දාගත්ත දෙයක්. හැම දවසක්ම අලුත් විදියට ගෙවන්න දෙන්නා දැන ගන්න ඕනෑ. අපි දෙන්නගේ ජීවිතේ ගොඩක් වෙලාවට නැවුම්, පොඩි පොඩි බහින්බස් වීම් වුණාට අපේ ජීවිතේ රසවත් බව තියා ගන්න උත්සාහ කරනවා.

පවුල් ජීවිතේ වෙනුවෙන් ඉටුකරන යුතුකම් සුජානිගෙන් මඟ හැරෙන්නේ නැද්ද?
අපි විවාහ වුණු දවසේ ඉඳන්ම ගැහැනු කෙනා තමයි යුතුකම් ඉටු කරන්න ඕනේ කියලා බෙදීගෙන හිටියේ නැහැ. මට සමහර දේවල් හොයන්න බැරි වුණත් බිමල් ඒවා හොයලා බලලා කරනවා. පවුල් ජීවිතේ ඇතුළෙදි අපේ බෙදීම් නැහැ.

විවාහයෙන් පස්සේ ගොඩක් දෙනෙක් ජීවිතේ සීමාමායිම් ගැන දුක් වෙනවා. සුජානි පවුල් ජීවිතේ ඇතුළේ තමන්ට ලැබෙන නිදහස ගැන දුක් වෙනවද? සතුටු වෙනවද?
දැන් මම ඕනවටත් වඩා නිදහස භුක්ති විඳිනවා. අම්මා, තාත්තා ළඟ ඉද්දි මට ලොකු නිදහසක් ලැබුණේ නැහැ. හයට කලින් ගෙදර එන්න ඕනෑ. රෑ ගමන් බිමන් බෑ. අම්මා, තාත්තා නැතිව යන ගමන් තහනම් වගේ දේවල් තිබ්බා. ඒ නිසා ෂූටින්වලට ඇරෙන්න මම වෙන ගමන් ගිහින් තිබ්බේ නැහැ. විවාහ වුණාට පස්සේ මට නිදහස උපරිම ලැබුණා. මට යාළුවෝ ටික දෙනයි ඉන්නේ. ඒ අය එක්ක මම නිදහස උපරිමයෙන් විඳිනවා.

නිදහසට සීමා නැද්ද?
විවාහ වුණු කෙනෙක් විදියට මට ගැළපෙන නිදහස මම දන්නවා. බිමල් වුණත් මගේ නිදහස නැති කරලා නැහැ. මගේ වයසට ගැළපෙන විදියට අඳින පලඳින විදිය, හැසිරෙන විදිය මම දන්නවා. ඒ නිසා බිමල්ටත් මාව විශ්වාසයි. අපි අපිව දන්න නිසා අපිට ජීවත් වෙන්නත් පහසුයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top