Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
01
ආයුෂ වැඩි කරගන්න සීනි භාවිතය අඩු කරගන්නේ මෙහෙමයි

- ආයුෂ වැඩි කරගන්න සීනි භාවිතය අඩු කරගන්නේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ වර්ග දෙකක සීනි ශරීරයට ලැබේ.

එනම්, ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය.


සීනි මගින් ශරීරයට ශක්තිය ලැබෙන අතර, මිනිස් සිරුරේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නැමැති සීනි වර්ගයයි. සීනි වල ඇති විශේෂිතම ගුණාංගයක් වන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය මගින් වේගයෙන් අවශෝෂණය කරගැනීමයි. සැබැවින්ම, සීනි භාවිතය අඩුකර ඔබේ ආයුෂ වැඩිකරගන්නේ කොහොමද?

අප ගන්නා ඇතැම් ආහාර වල ස්වාභාවිකව සීනි අඩංගු වන බැවින්, සීනි අමතරව එකතුකිරීමේ අවශ්‍යතාවයක් නැත. අපි එසේ කිරීමට හුරුව ඇත්තේ, කුඩා කල සිටම සීනි භාවිතයට හුරුවී එයට ඇබ්බැහිවීම නිසාවෙනි.

කෙසේ වුවත්, වැඩිහිටියෙක් දිනකට භාවිතා කරන සීනි ප්‍රමාණය කැපූ තේ හැඳි 6 ක උපරිමයකට සීමාකල යුතුවේ. මක්නිසාද, තරබාරු නොවූවත් අප වැනි ආසියාතිකයන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම අනෙක් ජාතිකයන්ට සාපේක්ෂව වැඩි බැවින්, ආහාර වලට එකතුකරන සීනි ප්‍රමාණය පිළිබඳව මෙන්ම, ආහාර වල අඩංගුවන සීනි ප්‍රමාණයන් පිළිබඳව ද සැලකිලිමත්වීම ඉතාම වැදගත් වේ.

අප ගන්නා ආහාර වර්ග කිහිපයක අඩංගු වන සීනි ප්‍රමාණයන් කැපූ තේ හැඳි වලින් කොපමණ වේදැයි පහතින් දක්වා ඇත. එමගින්, ආහාර ඔස්සේ සීනි කොපමණ ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුළු වෙනවාදැයි ඔබට සරළව වටහාගැනීමට හැකිවනු ඇත.

කෝලා බීම වීදුරු 1 ක් (මිලිලීටර් 200) – සීනි තේ හැඳි 5
චොකලට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 14
වැනිලා අයිස්ක්‍රීම් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 4.5
චොකලට් මූස් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 3.75
වැනිලා පුඩින් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 4.25
ඩෝනට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 6.5
පළතුරු කේක් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 6.75
යෝගට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 1.25

එමනිසා, ආහාර ගැනීමේදී මෙන්ම, මිළදී ගැනීමේදී ද ඒවායේ අඩංගු වන සීනි ප්‍රමාණයන් පිළිබඳව සැලකිලිමත් වන්න. ඇසුරුම් කරන ලද ආහාර වර්ග මිළදී ගැනීමේදී එහි ලේබලයේ දක්වා ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් පිළිබඳව කියවා බැලීමට පුරුදුවන්න.

මෙසේ සීනි භාවිතය අඩුකිරීම කලයුත්තේ ඇයි? මක්නිසාද, සීනි වැඩිපුර භාවිතා කිරීම මගින් අපේ සිරුරට හානි සිදුවේ. රුධිරයේ අඩංගු වන සීනි ප්‍රමාණය වැඩිවීමෙන්, රුධිර වාහිනී වලට හානි සිදුවන අතර, එමගින් ස්නායු වල, ඇස් වල, සහ වකුගඩු වල දුර්වලතා ඇතිවේ. එමෙන්ම, අප වැඩිපුර ගන්නා සීනි, ශරීරය මගින් මේදය හෙවත් තෙල් බවට හරවා සිරුරේ විවිධ ස්ථාන වල තැන්පත්කර, තරබාරුවීම ඇතිකරයි.

එමගින්, දියවැඩියාව, හෘදයාබාධය, අංශභාගය වැනි දරුණු රෝග වැළඳීමේ අවදානම ද වැඩිවේ. දියවැඩියාව රෝගය වැළඳුනහොත්, එහි සංකූලතාවයන් ලෙස හෘදයාබාධය, අංශභාගය, අන්ධභාවය, වකුගඩු අක්‍රීයවීම, සහ සුව නොවන තුවාළ වැනි රෝග ඇතිවිය හැක. එමෙන්ම, දත් දිරායාම සහ විදුරුමස් රෝග හටගැනීම සඳහා හේතුවන ප්‍රධාන සාධකයක් ලෙස සීනි දැක්විය හැක.

එසේ නම්, සීනි භාවිතය අඩුකිරීමට අපට කලහැකි උපක්‍රම මොනවාද? කුඩා කල සිටම ඔබේ දරුවා සීනි අධික ආහාර වලට හුරුකිරීමෙන් වළකින්න. එමෙන්ම, ඔබේ දරුවාගේ ආහාර වේලට අමතරව සීනි එක්කිරීමෙන් හැකිතරම් වළකින්න. එමගින්, ඔබේ දරුවා සීනි වලට හුරුවීම වළක්වාගත හැකිවේ. හැකි සෑමවිටම පැණිබීම, පළතුරු බීම, සිසිල්බීම වැනි දේවල් වෙනුවට ජලය පානය කිරීමට හුරුවන්න.

අතුරුපසට රසකැවිළි වෙනුවට ස්වාභාවික, නැවුම් පළතුරු භාවිතා කරන්න. පළතුරු සලාද සකස් කරගන්නා විට, අමතරව සීනි එකතුකිරීමෙන් වළකින්න. රසකැවිළි ආහාරයට ගන්නේ නම්, ඒවා කුඩා ප්‍රමාණයන්ට සීමාකරන්න. තේ හෝ කෝපි වැනි පානයන් සකස් කරගන්නා විට සීනි නොමැතිව හෝ සීනි තේ හැන්දක් පමණක් යොදා පානය කිරීමට හුරුවන්න.

(මූලාශ්‍රය: සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය)

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්..)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top