ගර්භණී සමයේ පසුවන බොහෝ කාන්තාවන්ට නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. මෙවැනි අපහසුතාවයන් නිසා ගර්භණි කාන්තාවන් බියකින් පසු තැවෙනවා.
සමහර කාන්තාවන් වෛද්‍ය උපදෙස් පතන අතර මෙවැනි අපහසුතාවයන්ට පිළියම් වශයෙන් ආහාර වේලේ වෙනසක් සිදු කළ හැකිය.
ගර්භණී සමයේ ඇතිවන්නා වූ අපහසුතාවයන්ට සුව දෙන කෑම බීම කීපයක් මෙන්න
1. උදෑසන අපහසුතා ඇති විට (Morning Sickness)
a) ඉඟුරු තේ
ඉතාම පහසුවෙන් ඔබට නිවසේදී පිළියෙල කර ගත හැකි දෙයකි ඉඟුරු තේ. සමහර විට ඔබ ඉඟුරු කරල් ආකාරයෙන් (බෙහෙත් කැප්සූලයක් ලෙස) ඔබට විකිණීමට බෙහෙත් අලෙවි කරුවන් සැරසෙයි,
නමුත් අපේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයට වඩා තවත් යමක් කුමට ද?
b) ජෙලටින
ජලටින සහිත අතුරු පස පැකට්ටු ඉතා පහසු මිලට ඔබට ලබා ගත හැක. මෙය කොහොමටත් ප්‍රිය උපදවන අතුරු පසක් නිසා වරින් වර ආහාර වේලට පසු භාවිතය නරකක් වන්නේ නැහැ.
2. මල බද්ධය (constipation)
ආහාර වල තන්තු හිඟ කම ඔබද මල බද්ධය ඇති කරයි. පළතුරු (berries) [පැපොල්, කෙසෙල්, පේර, දොඩම් ආදිය, එළවළු කුඩා මල් ගෝවා (broccoli) - සුළු ප්‍රමාණයක්, කැරට්, වම්බටු ආදිය මගින් ඔබේ ශරීරයට තන්තු විශාල ප්‍රමාණයක් ලැබේ. මෙය ඔබේ මල බද්ධය දුරලා දීමට ඉතාම ප්‍රයෝජනවත් වෙයි. නිවුඩ්ඩ සහිත බාර්ලි, ඒ ආදියේ ඔබට අවශ්‍ය තන්තු ඇත. ඔබ අකමැති නැති නම් "ඕට මීල්" ධාන්‍ය ආහාරයත් ඉතා සුදුසුය.
නමුත් අපේ දේශීය ආහාර වලට (එළවලු, පළතුරු ආදිය) මුල් තැන දීමට අපි ඔබව දිරිමත් කරමු.
නිතරම ඇති තරම් ජලය පානය කිරීම අනිවාර්යයෙන් කල යුතු බව අමතක නොකරන්න. මෙයට අමතරව ඔබට වෛද්‍ය උපදෙස් මත විටමින් වර්ගද ලබා ගත හැකිය.
3. බඩ හා පපුව දැවිල්ල
බොහෝ විට බඩ පපුව දැවිල්ල එන්නේ ආම්ලික ආහාර අනුභව කරන නිසාය. එනිසා කෙසෙල් ගෙඩි, කොමඩු වැනි ආම්ලික භාවය අඩු පලතුරු අනුභව කරන්න. නමුත් දිගින් දිගටම බද පපුව දැවිල්ල දැනෙයි නම් වෛද්‍ය උපදෙස් පතන්න.
4. දැඩි මහන්සිය.
මෙය ඔබේ සිරුරේ ඇති යකඩ හිඟ වීම නිසා විය හැක. එමනිසා ඔබට නිවිති වැඩිපුර කෑම සුදුසුය. මස් වර්ග, ධාන්‍ය, විවිධ පලා වර්ග වල යම් පමණකට අනුභව කරන්න. ඔබ නිර්මාංශ අනුභව කරන අයෙකු වීම කිසිදු වරදක් නැත. හැකි පමණ කොළ පැහැති එළවලු සහ පලතුරු ආහාරයට ගන්න. අපේ රටේ වැවෙන පළතුරු වර්ග විශාල ප්‍රමාණයක ඔබට අවශ්‍ය පෝෂණය ඇත.
නිසි ප්‍රමාණයට ජලය පානයද වැදගත්. නිතර මුත්‍රා කිරීමට සිදුවේ යන බය නිසා වතුර බීම අඩු නොකරන්න.
දවසකට පැය 8ක් පමණ ඔබට නිදා ගැනීමට සිදුවේ. එනිසා ඔබේ ස්වාමි පුරුෂයා සහ අනෙකුත් පවුලේ අය සමග මේ පිලිබඳ අවබෝධය ඇති කර ගත යුතු වෙයි.
5. නිදිබර බව
ඉහත කී පරිදි පැය 8ක් පමණ නිදා ගැනීම කල පසුත් ඔබට නිදි බර ගතියක් ඇති වීමට ඉඩ ඇත. නමුත් ඔබ අලස වීමද සුදුසු නැත. එනිසා නිතරම ඔබ කැමති පාන වර්ග බීමෙන් නිදිමත දුරලන්න. කිරි තේ, කිරි, පලතුරු යුෂ ආදිය පැය කිහිපයකට වරක් පානය කිරීමෙන් ඔබට ශක්ති මට්ටම ඉහලින් තබා ගත හැක. කැෆෙන් (caffeine) අධික භාවිතය නුසුදුසු නිසා තේ / කෝපි පමණට වඩා භාවිතා නොකරන්න.
කය සහ මනස ක්‍රියාකාරිව තබා ගත හැකි දේවල් වල නිරත වෙන්න, එය නිදි බර බව නැති කරන අතර අධික ස්ථුල තාවය දුරු කිරීමටද උදවු වනු ඇත.
රාත්‍රියේදී සුව නින්දක් ලැබීම මගින් ඔබේ දහවල් කාලයේ දැනෙන නිදිබර බව අඩු කර ගත හැකි නිසා, ඔබට අවශ්‍ය පමණ මෘදු කොට්ට භාවිතා කරන්න.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)