ඒකට හේතුව තමයි කවුරුත් නොහිතූ විදිහට එරට ඇතුළේ HIV වෛරසය වේගයෙන් පැතිර යාම! තත්ත්වය කොයි තරම් දරුණුද කියනවා නම්, ෆීජි රජයට මේක ජාතික අර්බුදයක් විදිහට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වෙලා.
මේ වෙද්දී එළියට ඇවිත් තියෙන දත්ත දැක්කම ඇත්තටම හිතට ඇතිවෙන්නේ ලොකු කම්පනයක්. UNAIDS සංවිධානය කියන විදිහට ලෝකයේ වේගයෙන්ම HIV පැතිරෙන රටවල් අතරින් ඉදිරියෙන්ම ඉන්න ෆීජිවල අලුත්ම තත්ත්වය මෙහෙමයි:
එකපාරටම රෝගීන් දාස් ගාණක්: 2025 අවුරුද්දේදී පමණක් අලුතින් HIV ආසාදිතයින් 2,016 දෙනෙක් හොයාගෙන තියෙනවා.
හැම 60කටම එක්කෙනෙක්: දැන් ෆීජිවල ඉන්න වැඩිහිටියන් 60 දෙනෙකුගෙන් එක් අයෙකුට අනිවාර්යයෙන්ම HIV ආසාදනය වී ඇති බවටයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ.
මේ පුවතේ හිතට වඩාත්ම කණගාටුවක් දැනෙන කාරණාව තමයි කිසිම පවක් නොකළ පුංචි දරුවන්ට අත්වෙලා තියෙන ඉරණම. 2025 වසරේදී විතරක් HIV ආසාදනය වුණු බිළිඳුන් 59 දෙනෙක් ඉපදිලා තියෙනවා. ඒකෙන් දරුවන් 18 දෙනෙක්ම තමන්ගේ පළවෙනි උපන්දිනේ සමරන්නත් කලින්ම මේ ලෝකෙන් සමුඅරන්!
පසුගිය අවුරුද්දේ ෆීජි ජාතිකයින් 9,100ක් විතර මේ වෛරසයත් එක්ක ජීවත් වෙලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ ඒ අයගෙන් 39%ක් විතරයි තමන්ට මේ ලෙඩේ තියෙනවා කියලා දැනගෙන හිටියේ. මේ විදිහට වෛරසය පැතිරෙන්න ප්‍රධානම හේතු දෙකක් හඳුනාගෙන තියෙනවා:
ලිංගික සබඳතා: වාර්තා වෙන සිදුවීම්වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක්ම සිදුවෙලා තියෙන්නේ අනාරක්ෂිත ලිංගික සම්ප්‍රේෂණය හරහායි.
මත්ද්‍රව්‍ය භාවිතය: 42% කට වඩා වැඩි පිරිසකට මේක බෝවෙලා තියෙන්නේ එන්නත් කටු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසයි.
තත්ත්වය අතමිටින් ගිලිහීගෙන යන නිසා ෆීජි බලධාරීන් දැන් දැඩි තීරණ අරන්. පරීක්ෂණ ක්‍රමවේද දියුණු කරලා තියෙන නිසා තමයි මේ තරම් ආසාදිතයින් ගාණක් එකපාර හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
දැන් මේ අර්බුදයෙන් ගොඩඑන්න නොමිලේ සහ රහසිගතව පරීක්ෂණ කරගන්න පහසුකම් වැඩි කරන ගමන්ම, අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කැබිනට් අනුකමිටුවක් පවා පත්කරලා තියෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිත කරන අයට අවදානම අඩු කිරීමේ සේවා පුළුල් කරන්නත් රජය සැලසුම් කරලා.