කලා ලෝකයේ පායා ආ සොඳුරුම තාරකාවක්, හැමෝගෙම ආදරය නොමදව දිනාගත් සුන්දර තාරකාවක් තමයි රුක්ෂනා දිසානායක කියන්නේ...
තමන්ගේ ජීවිතයේ සුන්දරම මොහොතවල්, අමතක නොවන අලුත්ම මතකයන් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න ඇය, ඔන්න මේ පාරත් නෙත් සිත් වශී කරවන සොඳුරු ඡායාරූප එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
සුර්ය කාන්ත මලක් වගේ හරිම ලස්සන කහ පාට සාරියකින් සැරසිලා, අමුතුම ආකර්ෂණීය බවකින් හැඩවුණු රුක්ෂනාගේ ඒ සුන්දර රූපරාමු ටික දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිත නතරවෙනවා..
කහ පැහැයෙන් බැබළෙන රුක්ෂනාගේ ඒ සුන්දර පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ...
