තමන් ජාත්‍යන්තර තරගවලදී මීටර් 92 සීමාව පවා ඉක්මවා යමින් දක්ෂතා දක්වන්න භාවිත කළ, රුපියල් ලක්ෂ 20කට වඩා වටිනා හෙල්ල 5ම ගුවන් ගමන අතරතුරදී සම්පූර්ණයෙන්ම කැඩී හානියට ලක්ව තිබීමෙන් රුමේෂ් දැඩි කණගාටුවට පත් වුණා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවා ආයතනය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති අතර, මේ පිළිබඳව ක්ෂණිකව මැදිහත් වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා.
ඒ අනුව, හානියට ලක්වූ හෙල්ල 5 වෙනුවෙන් රුමේෂ් තරංග වෙත සම්පූර්ණයෙන්ම නව හෙල්ල කට්ටලයක් ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ.