2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව මෙය සිදු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ..
අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභා රැස්වීමේදී මේ බව සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්ව සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීම යෝජිත නව ප්‍රතිසංස්කරණ යටතේ සිදුකිරීමට නියමිත ප්‍රධාන වෙනස්කම් වෙනවා.
එමෙන්ම, පාසල් සිසුන් උදෙසා 10 සහ 11 ශ්‍රේණිවල සිටම වෘත්තීය අධ්‍යාපනය හඳුන්වාදීමට පියවර ගන්නා අතර, ජ්‍යෙෂ්ඨ ද්විතියික අධ්‍යාපනය ලබන 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම යන මොඩියුලයන් ඇතුළත් කිරීමට නියමිතයි.
ආරම්භක පියවරක් ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල මේ වන විටත් සකස් කර ඇති අතර ගුරු පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය වෙලා තියෙනවා.