පාන්වල නියමිත බර තියෙනවාද, බර සහ මිල ජනතාවට පෙනෙන්න නිසි ලෙස ප්‍රදර්ශනය කරලා තියෙනවාද, ඒ වගේම බර අඩු පාන් හමු වුණොත් ඒවා හදපු හෝ සපයපු බේකරිය වෙනකම්ම අල්ලගන්න පුළුවන් විදියේ සැපයුම්දාමයක් තියෙනවාද කියලයි මෙතැනදී විශේෂයෙන්ම හොයලා බලලා තියෙන්නේ.
පරීක්ෂා කරපු ස්ථාන අතරින් වෙළෙඳසැල් සහ බේකරි 54කම තිබිලා තියෙන්නේ බර අඩු කරපු හොර පාන්.. ඒ විතරක් නෙමෙයි, තවත් ස්ථාන 76කම පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කරලා පවා නැති බවටයි හෙළි වෙලා තියෙන්නේ.
ජනතාවගේ බඩට ගහන මෙන්න මේ වගේ වැඩ කරන අයට ඉදිරියේදී තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වෙනවා කියලයි ආරංචිය.