අන්න ඒ බය තවත් වැඩි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ දැන් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ තමයි අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවට කර ඇති අනතුරු ඇඟවීම!
විශේෂයෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත්, ඒ වගේම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ජීවත්වන ජනතාව මේ ගැන අතිශය විමසිලිමත් විය යුතු බවයි කාලගුණ අංශ අවධාරණය කරන්නේ.
සවස් යාමයේදී හෝ රාත්‍රියේදී මේ ප්‍රදේශවල තැනින් තැන තද ගිගුරුම් සහිත වැසි සමඟින් දරුණු අකුණු සැර පතිත වීමේ වැඩි ඉඩක් පවතිනවා.
අකුණු කියන්නේ විහිළුවක් නෙවෙයි! ඇසිපිය හෙළන සැණින් ජීවිත පවා නැති කරන්න පුළුවන් තරම් භයානක ස්වභාවික අනතුරක්.
ඒ නිසා මේ කියපු පැතිවල ඉන්න හැමෝම එළිමහනේ ඉන්න එක නතර කරලා, ගෙවල් දොරවල් ඇතුළට වෙලා ආරක්‍ෂිතව ඉන්න එක ඇඟට ගුණයි.
විදුලි උපකරණ පාවිච්චිය සහ ජංගම දුරකථන භාවිතය ගැනත් මේ වෙලාවේ වැඩි අවධානයක් දෙන්න කියලා බලධාරීන් මතක් කර සිටිනවා.