පසුගිය දවස්වල කරපු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වෙලා තිබුණේ බොතම්ට "Squamous cell carcinoma" කියන දරුණු පිළිකා රෝගී තත්ත්වය වැළඳිලා කියලා. ඒත් එක්කම පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන්, විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බොතම්ව බේරගන්න විශේෂ ශල්‍යකර්මයක් කරන්න තීරණය කළා.
ඒ අනුව ජූනි 30 වෙනිදා දෙහිවල සත්වෝද්‍යානය ඇතුළෙදී මේ සංකීර්ණ සැත්කම බොහොම සාර්ථකව සිද්ධ කෙරුණා. විශේෂම සීන් එක කියන්නේ මුහුදු සිංහයෙක් වෙනුවෙන් ලංකාවේ මෙහෙම සැත්කමක් කරපු පළමු අවස්ථාව මෙය වීමයි.
මේ සැත්කම පිටුපස තවත් ලස්සන කතාවක් තියෙනවා. හොංකොං හි Ocean Park හි අධ්‍යක්ෂ, මුහුදු සිංහයන් පිළිබඳ විශේෂඥ පශු වෛද්‍ය Paolo මහතා තමයි බොතම්ව පරීක්ෂා කරලා මේ ශල්‍යකර්මය නිර්දේශ කරලා තියෙන්නේ.
තවත් වටිනාම දේ තමයි, මේ සංකීර්ණ සැත්කමට සම්බන්ධ වුණු විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරයා ඇතුළු මුළු ටීම් එකම සතපහක්වත් ගන්නේ නැතුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන්ම තමන්ගේ සේවය ලබාදී තිබීමයි.
බොතම්ට සුවය පතපු හැමෝටම දැන් සතුටින් හුස්මක් ගන්න පුළුවන්.