ඒ, දශක ගණනාවක් පුරා තමන්ගේ සුමධුර හඬින් ප්‍රේක්ෂක හදවත් වසඟ කළ ප්‍රවීණ ගායක ප්‍රියංකර පෙරේරා මහතා අප අතරින් සදාකාලිකවම සමුගැනීමත් සමඟයි.
ඔහුගේ මෙම හදිසි වියෝව ගැන සැලවීමත් සමඟ කලා ලෝකයේ ප්‍රවීණ මෙන්ම ආධුනික බොහෝ කලාකරුවන් සිය සංවේගය පළ කරමින් සිටිනවා.
ඒ අතරින් අපේ රටේ ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා සිය මුහුණු පොතට එකතු කළ සටහන බොහෝ දෙනෙකුගේ හදවත් සපර්ශ කිරීමට සමත් වුණා. ප්‍රියංකර පෙරේරා මහතා සමඟ ඉතා සමීපව සිටි ඡායාරූපයක් එකතු කරමින්, ඔවුන් අතර තිබූ ඒ අසීමිත සහෝදරත්වය සහ ආදරය වචන දෙකකට කැටි කරමින් බන්දු සමරසිංහ මහතා තබා තිබුණේ මෙන්න මෙවැනි සංවේදී සටහනක්...
"සුභ ගමන් මචං..."
කාලය කොතරම් වෙනස් වුණත්, සැබෑ මිත්‍රත්වයේ සහ ආදරයේ ගැඹුර පෙන්වන ඒ කෙටි සටහන සහ ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.