ඔවුන්ගේ ආදරණීය බැඳීම වගේම සරල, සුන්දර ජීවන රටාව නිසාම බොහෝ දෙනෙකුගේ ආදරය සහ අවධානය දිනාගන්න මේ දෙන්නට හැකිවෙලා තියෙනවා.
ඔන්න ඉතින් මේ පුංචි පවුලේ හරිම ලස්සන, ආදරණීය ඡායාරූප එකතුවක් මුහුණු පොත හරහා දැකගන්න ලැබුණා....ඒ වගේම ඔවුන් මේ පින්තුර කිහිපයත් එක්කම මෙන්න මේ වගේ සටහනක්ද එකතු කරලා තිබුණා...
"සුබපැතුම් ආශිර්වාද මල් පොකුරු එවන හැමෝටම ස්තූතියි "
පසුගියදා පවති මධවිගේ උපන්දිනයට සුබ පැතුම් එකතු කළ සියලුම දෙනාට මේ සටහන එක්ක ඇය ස්තුති කරලා තිබුණා...
කාලයත් එක්ක ඔවුන්ගේ බැඳීම තවත් ශක්තිමත් වෙන අයුරුත්, ජීවිතයේ හැම මොහොතක්ම එකතු වී විඳින අයුරුත් දැකීම රසිකයින්ගේ සිත් සතන් තුළද ඇති කරන්නේ ලොකු සතුටක්.
බලන්නකෝ ආදරයෙන් පිරුණු මේ සුන්දර කැදැල්ලේ ඡායාරූප එකතුව කොයි තරම් ලස්සනද කියලා...

