නිරිතදිග අල්ජීරියාවේ සහරා කාන්තාරයේ කොටසකට හිම පතනය වී ඇති අතර, උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටීම හේතුවෙන් එම කලාපයේ තැඹිලි පැහැති වැලි කඳු සුදු පැහැති හිම තට්ටුවකින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම හිම පතනය වාර්තා වී ඇත්තේ අයින් සෙෆ්රා (Aïn Séfra) නගරයට ආසන්න ප්‍රදේශයෙන්.
මෙම නගරය සහරා කාන්තාරයේ උතුරු කෙළවරේ, ඇට්ලස් කඳුකරයේ පාමුල පිහිටා ඇති අතර, එහි පවතින ශීත වායු තත්ත්වයන් හේතුවෙන් කාන්තාරයේ මෙවැනි දුර්ලභ හිම පතනයන් කලාතුරකින් සිදුවන බවයි වාර්තා වෙන්නේ.
2016 වසරට පෙර, අයින් සෙෆ්රා ප්‍රදේශයේ අවසන් වරට වාර්තා වී තිබූ හිම පතනය 1979 වසරේ සිදුවූවක්.
මෙම හිම පතනය කෙටි වේලාවක් පැවති අතර, එය වැටීමෙන් මඳ වේලාවකට පසු දියවී ගොස් තිබෙනවා.