2025 විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් (Fatima Bosch) ඉක්වදෝරයේ පැවැතිStreet Festival එකකට සහභාගී වී සිටියදී, හදිසියේම රෝගාතුර වී ඇද වැටී තිබුණා.
ජනතාවට ආචාර කරමින් සිටි ෆාතිමා, එක්වරම අසීරුතාවයට පත්ව දණින් වැටෙන අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවල සටහන්ව තිබූ අතර, ඇය ක්ලාන්ත වී තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇයගේ කාර්යබහුල කාලසටහන හේතුවෙන් ඇති වූ දැඩි විඩාව (Extreme Fatigue) සහ විජලනය මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
එමෙන්ම අම්බතෝ නගරය මුහුදු මට්ටමේ සිට ඉහළ උසකින් පිහිටා තිබීම නිසා ඇති වූ ඔක්සිජන් මට්ටමේ වෙනස්වීම් ද ඇයගේ ක්ලාන්තයට බලපා ඇති බව විශ්වාස කෙරෙනවා.
කෙසේ වෙතත්, සිද්ධියෙන් පසු වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ වෛද්‍ය කණ්ඩායම් ඇයට ප්‍රතිකාර ලබා දී ඇති අතර, විශ්ව රූ රැජින සංවිධානය ප්‍රකාශ කරන්නේ ඇය මේ වන විට සුවය ලබමින් සිටින අතර, විවේකය ලබා ගැනීම සඳහා ඇයගේ ඉදිරි වැඩසටහන් කිහිපයක් සංශෝධනය කර ඇති බවයි.
