පාසල් දරුවන්ගේ ආහර දිමනාව වංචා කරමින් ඇය සිය සැමියාගේ උපන්දින සාදය ජයටම පවත්වා තිබුණා.
සිය පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන්ට රජයෙන් ලබාදෙන දිවා ආහරය ලබානොදි එම මුදල් වංචා කොට පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදි තිබු තම සැමියාගේ උපන් දිනයට වැය කොට තිබු බවට විදුහල්පතිවරියට චෝදනා එල්ල වුණු අතර, එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින් හා පාසල් දරුවන්ගේ මාපියන් මේ සම්බන්ධයෙන් කලාප හා පළාත් අධ්‍යාපන බලධාරින්ට ලිඛිතව සිදුකළ පැමිණිලි මත මේ සම්බන්ධයෙන් බලධාරින් පරික්ෂණයක් ආරම්භ කොට තිබුණා.
මෙම චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ කාලයේදී චෝදනාවට ලක්ව සිටි විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන විභාගයෙන් සමත්ව පරිපාලන නිලධාරිණියක් ලෙසට පත්විමට සුදුසුකම් ලබා සිටිය ද විෂමාචාර ක්‍රියාවක නිරතවිමේ හේතුවෙන් එම පත්විම අත්හිටුවිමට පියවර ගෙන ඇති බවත් උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා පැවසුවා.
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..