කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ තැනැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මේ සිද්ධියට මූලික වී ඇත්තේ, පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවෙකු (4) හා ගැහැණු දරුවෙකු (3) රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.
ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්.