මියයන විට ඒ මහතා 65 වන වියේ පසුවුණා.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙම අභාවය සිදුවී ඇති බවයි. ඔහු කලක් තිස්සේ යම් රෝගාතුර තත්ත්වයකින් පසුවූ බවත්, අද පස්වරුවේ තත්ත්වය උත්සන්න වීමෙන් මෙලෙස අභාවප්‍රාප්ත වූ බවත් වාර්තා වෙනවා.
දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ කටහඬකින් සහ සංගීත ශෛලියකින් රසික හදවත් පිනවූ රාජු බණ්ඩාරයන්, ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ සමීපතමයෙකු මෙන්ම ඔහුගේ ගීත ශෛලිය ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කළ ශිල්පියෙකු ලෙසද ප්‍රසිද්ධයි.