චීන දින දර්ශනයට අනුව සෑම වසර 60කට වරක්ම පැමිණෙන, වේගවත් වෙනස්කම්වලට ලක්වන ‘අග්නි අශ්වයාගේ වසර’ ලබන පෙබරවාරි 17 වැනිදා ආරම්භ වනවා.
ප්‍රවීණ දෛවඥයකු ලෙස සැලකෙන ටොන්ග්-පික්-හා විසින් 2026 වසර එක් එක් චීන ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව සම්පූර්ණ අනාවැකි පල කර තිබෙනවා.
ෆෙන්ග්-ෂුයි ප්‍රවීනයකු ලෙස සැලකෙන ඔහුගේ චීන ලග්න පලාපල පහතින් දැක්වෙනවා.
ඔබේ උපන් වර්ෂයට අනුව ඒ ඒ සතුන්ගේ නම්වලින් හැඳින්වෙන ලග්න ඔස්සේ පලාඵල බලාගත හැකියි.
එම පුරෝකථනයන්ට අනුව එක් එක් ලග්න හිමියන්ට ලැබෙන ප්‍රතිඵල මෙසේයි.
* අශ්වයා (1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014)
මෙම වසර වෙනස්කම් සහ අස්ථාවරත්වයක් සහිත වුවත්, නායකත්වයට සහ බලපෑම් කිරීමට හිතකර ග්‍රහ පිහිටීම් උදාවී තිබෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශ, ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල අයට මෙයින් වාසි සැලසෙනු ඇත.
වාසනාවන්ත වර්ණය: කළු, අංකය: 1
- බැටළුවා (1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015):
පසුගිය වසරට වඩා ඉතා සාර්ථක වසරකි. රැකියාවේදී මුදල් වාසනාව හිමිවන අතර රථවාහන, ඔරලෝසු සහ මූල්‍ය වැනි ක්ෂේත්‍රවල අයට විශේෂ ලාභ හිමි වේ.
වාසනාවන්ත වර්ණය: සුදු, අංකය: 4
- වඳුරා (1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016):
වෘත්තීය සහ මූල්‍යමය වශයෙන් සාර්ථක වසරකි. ඔබ විදේශගත වීමට හෝ පිටරටක දේපළක් මිලදී ගැනීමට සිතන්නේ නම් මෙය ඉතා සුදුසු කාලයකි.
වාසනාවන්ත වර්ණය: කහ, අංකය: 5
- කුකුළා (1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017):
මූල්‍ය හා වෘත්තීය වාසනාව ගෙන දෙන තරු උදාවී ඇත. විවාහය සහ දරුවන් ලැබීම වැනි සුබ කටයුතු සිදු වීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා උත්සාහ කළ හැකිය.
වාසනාවන්ත වර්ණය: තද දුඹුරු, අංක: 5, 10
- බල්ලා (1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018):
සාමකාමී සහ ස්ථාවර වසරක් බලාපොරොත්තු විය හැක. පැහැදිලි සිතුවිලි සහ ඉලක්ක මගින් වෘත්තීය දියුණුව ලැබෙන අතර කරදරවලින් වැළකී සිටීමට වාසනාව ලැබේ. වාසනාවන්ත වර්ණය: අළු, අංකය: 6
- ඌරා (1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019): වෘත්තීය සංවර්ධනයට හිතකර වසරකි. ව්‍යාපාරිකයන්ට තම කටයුතු ව්‍යාප්ත කිරීමටත්, බාධක පැමිණි විට උදව්කරුවන්ගේ සහය ලැබීමටත් වාසනාව ඇත.
වාසනාවන්ත වර්ණය: රතු, අංක: 2, 7
- මීයා (1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020):
අභියෝගාත්මක වසරක් විය හැකි බැවින් විවාහ වීම, නිවසක් මිලදී ගැනීම වැනි සුබ කටයුතු මගින් අහිතකර බලපෑම් සමනය කරගත යුතුය. එසේ වුවද, රැකියාවේ දියුණුවක් බලාපොරොත්තු විය හැක.
වාසනාවන්ත වර්ණ: රන්වන් සහ රිදී, අංක: 4, 9
- ගවයා (1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021):
සබඳතා සඳහා දුර්වල වසරක් වුවත්, රැකියාව සහ ධනය ලැබීමට අවස්ථා උදාවේ. ඔබ කරන කැපවීමට අනුපාතිකව ප්‍රතිඵල හිමිවන අතර දක්ෂතා පෙන්වීමට අවස්ථා ලැබේ.
වාසනාවන්ත වර්ණය: දම්, අංකය: 2
- ව්‍යාඝ්‍රයා (1938, 1950, 1962, 1974, 1986, 1998, 2010):
ඉතා විශිෂ්ට වසරකි. තමාගේ උත්සාහයෙන් බැබළීමටත්, අන් අයගේ උදව් ලැබීමටත් වාසනාව ඇත. කෙසේ වෙතත්, ගැටුම් වළක්වා ගැනීමට තමාගේ හැඟීම් පාලනය කරගත යුතුය.
වාසනාවන්ත වර්ණය: කළු, අංකය: 1
- හාවා (1939, 1951, 1963, 1975, 1987, 1999, 2011): සබඳතා සහ හැඟීම් අස්ථාවර විය හැකි වුවත්, මෙය ධනය සහ මුදල් ලැබෙන වසරකි. රැකියාවේ දියුණුවක් ඇති වන අතර ගැටලුවලදී සහයෝගය ලබා දීමට උදව්කරුවන් ඉදිරිපත් වනු ඇත.
වාසනාවන්ත වර්ණය: කොළ, අංකය: 8
- මකරා (1940, 1952, 1964, 1976, 1988, 2000, 2012): මහන්සියේ ප්‍රතිඵල ලැබෙන වසරකි. උසස්වීම් සහ වැටුප් වැඩිවීම් ලැබීමටත්, අසනීප හෝ නීතිමය ගැටලු මඟහරවා ගැනීමටත් වාසනාව ලැබේ.
වාසනාවන්ත වර්ණය: දුඹුරු, අංකය: 10
- නයා (1941, 1953, 1965, 1977, 1989, 2001, 2013):
අධ්‍යාපනයට සහ ස්වයං දියුණුවට සුදුසු වසරකි. මුදල්, රැකියා සහ සබඳතා අංශවල දියුණුවක් දැකිය හැකි අතර දක්ෂතා පෙන්වා රැකියා උසස්වීම් ලබා ගැනීමට අවස්ථා උදාවේ.
වාසනාවන්ත වර්ණය: නිල්, අංකය: 6