මේ මාරක බස් අනතුරක් ගැන ඇහෙන කතාවක්.
උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
බස් රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37 දෙනෙකු ගමන් කර ඇති බව සදහන්.