සබරගමුව, දකුණ යන පළාත්වල මෙන්ම කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
මේ අතර,වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පැත්තෙනුත් ආරංචියක් ලැබිලා තියෙනවා. දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය මට්ටමක් කරා පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් තවදුරටත් නොපවතින බවයි.