Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
25
''මම ඕනෑ දෙයක් වෙච්චිදෙන් කියලා කෑගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොම හරි දුම්රිය නවත්තා ගත්තා'' මරු කටට පැන මහා අනතුරක් වැලැක්වූ දවසේ වීරයා..

- ''මම ඕනෑ දෙයක් වෙච්චිදෙන් කියලා කෑගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොම හරි දුම්රිය නවත්තා ගත්තා'' මරු කටට පැන මහා අනතුරක් වැලැක්වූ දවසේ වීරයා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වළක්වා ගත් මහත්මයකුගේ සිද්ධියක් පිළිබදව අද (25) අපට වාර්තා වුණා.

ඒ කුරුණෑගල ගැට්ටුවාන ධීවර සංස්ථා පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිරව තිබූ ලී කොට පැටවූ ලොරියක් තලෙයිමන්නාරම එක්ස්ප්‍රස් දුම්රියේ ගැටීම වළක්වාලමින් සිදුකළ ක්‍රියාවක් හේතුවෙන්.

මේ කියන්නේ ඒ වීර ක්‍රියාව කළ කුරුණෑගල පහළ ගැට්ටුවානේ පදිංචි අජිත් කීර්ති වික්‍රමසිංහ ජීවිතය පරදුවට තබා ගත් උත්සාහය ගැනයි.

අජිත් කීර්ති වික්‍රමසිංහ (48) වෘත්තියෙන් කුරුණෑගල අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අයෙක්. මේ ඔහු තමන් සිදු කළ ක්‍රියාව විස්තර කළ ආකාරයයි.

" මම උදේම පුතා පාසලේ සංගීත පන්තියකට දාලා ආපහු ගෙදර එනකොට දැක්කා ගැට්ටුවාන ධීවර සංස්ථා පාරේ තියෙන දුම්රිය හරස් මාර්ගයේ ලී කොට පටවපු ලොරියක් හිර වෙලා තියෙනවා. මම ගමේම කෙනෙක් නිසා මට එකපාරටම මතක් වුණා මේ වේලාවට තලෙයිමන්නාරම එක්ස්ප්‍රස් කෝච්චිය මේ පාරේ එනවා නේද කියලා. එහෙම හිතනකොටත් මම දැක්කා කෝච්චිය මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයේ ඉඳලා ලොරිය හිර වෙලා තියෙන දිහාට වේගයෙන් එනවා කියලා. මම ඕනෑ දෙයක් වෙච්චිදෙන් කියලා කෑගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොම හරි දුම්රිය නවත්තා ගත්තා".

ඔහු එලෙස ජීවිතය පරදුවට තබා ඉදිරිපත් නොවූවානම් අද පෙරවරුවේදී කුරුණෑගලදී විශාල දුම්රිය අනතුරක් වාර්තා වීමට ඉඩ තිබිණා.

ලී කඳන් තොගයක් පැටවූ ලොරියක් පහළ ගැට්ටුවාන දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් ආකාරයට ධාවනය කරවීමට යාමේදී ආසන්නයේ වූ කාණුවකට වැටීම හේතුවෙන් එම ලොරිය දුම්රිය හරස් මාර්ගය තුළට වැටී සිරවී තිබී ඇත.

මෙම අවස්ථාව පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.

" මේ ස්ථානය කෙටි කන්දක් සහ වංගුවක් සහිත ස්ථානයක්. ඒ නිසා ඒ ආසන්නයේම තියෙන මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයේ ඉඳලා ඊළඟට තියෙන කුරුණෑගල ප්‍රධාන දුම්රිය ස්ථානය දක්වා තරමක වේගයකින් තමයි දුම්රිය ධාවනය කරවන්නේ. ඒ ආසන්නයේම ගමේ ජීවත් වෙන නිසා අපිට ඒ තත්ත්වය හොඳට හුරු පුරුදුයි ".

" ඈතින් කෝච්චිය එනවා දැක්කාම ඒක නවත්වන්න අනතුරු හඟවන්න මට රතු පාට කිසිම දෙයක් තිබුණේ. ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා හිතාගෙන මම සිග්නල් කණුව ළඟින් කෝච්චි පාර මැදට පැනලා හිරවෙලා තියෙන ලොරිය දිහාට අත දික්කර කර පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. එතකොට දුම්රිය රියැදුරා හිතලා තියෙන්නේ මම සියදිවි නසාගන්න කෝච්චියට පනින්න ආව කෙනෙක් කියලා. එහෙම හිතලා දුම්රියේ නලාව කීප සැරයක්ම ගැහුවට පස්සේ මම මම පාරෙන් අයින් වුණා. ඒත් එක්කම වාසනාවකට දුම්රිය රියැදුරා ලොරිය දුම්රිය හරස් මාර්ගයේ තියෙනවා දැකලා එතැනට ඔන්න මෙන්න කියලා තියෙද්දී නවත්වා ගත්තා. එහෙම නොවුනානම් කෝච්චිය ආව වේගයට මේ කොට ලොරියේ හැප්පිලා විශාල අනතුරක් වෙන්න ඉඩ තිබුණා " යැයිද ඔහු පැවසුවා.

එසේ වූවා නම් ලොරියේ වැදී වංගුවක් සහිත එම ස්ථානයේදී දුම්රිය පීලි පැනීමකට ලක් වීමට හෝ නැත්නම් ලොරියේ ලී කඳන් වැදීමෙන් බරපතළ හානියක් දුම්රියට සහ ලොරියට සිදුවීමට ඉඩකඩ තිබූ බව බොහෝ දෙනෙකුගේ අදහස වුණා.
ඒවන විටද කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන සීග්‍රගාමී දුම්රියද කුරුණෑගල දුම්රිය ස්ථානයේ නවතා තිබූ අතර මෙම අනතුර හේතුවෙන් උතුරු පළාත් දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා පැය දෙකකට අධික කාලයක බාධාවක් ඇතිව තිබුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top