1894 දී වාර්තා තැබීම ආරම්භ කළ දා සිට සටහන් වන සාමාන්‍යය හා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි එම ආයතනය පවසන්නේ.
ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුවයි. ටෝකියෝවේ වයඹ දෙසින් පිහිටි ඉසෙසාකි නගරයේදී අගෝස්තු මාසයේදී සෙල්සියස් අංශක 41.8 (ෆැරන්හයිට් 107.2) දක්වා උෂ්ණත්වය ළඟා වුණා.
මීටර් 3,776 (අඩි 12,388) උසැති මෙම පූජනීය කන්දේ, මෙම වසරේ හිම පතනය සිදුවූයේ, මෙතෙක් වාර්තා වී ඇති ප්‍රමාදම දිනය වූ 2024 වසරට වඩා සති දෙකකට පෙරයි.
මේ වනවිට මෙම පළමු හිමපතනය දැකගැනීමට, ඒය ඡායාරූප, වීඩියෝගත කර ගැනීමට සංචාරකයින් ද උත්සුක වන බව සඳහන්.
2024 දී කන්ද මත හිම තට්ටුවක් තැන්පත් වූයේ නොවැම්බර් 7 වන දින යි.
ෆුජි කන්ද, ජපානයේ වඩාත්ම කල්පවත්නා සංකේත අතර වන ඒක් සුවිශේෂී සලකුණක්.
එහි හිමෙන් වැසුණු කඳු මුදුන කට්සුෂිකා හොකුසායිගේ "Great Wave Off Kanagawa" වැනි ජපානයේ ශ්‍රේෂ්ඨතම කලා කෘති කිහිපයකට අපූර්වත්වයක් ලබා දී තිබෙනවා.
මෙම කලා කෘතිය දැන් ජපන් යෙන් 1,000 නෝට්ටුවේ පිටුපස ද දැක්වෙනවා.
කෙසේ වෙතත්, මෑත වසරවලදී කන්දේ පළමු හිම පතනය ප්‍රමාද වී පැමිණීමට හේතුව කුමක්දැයි නිශ්චිතවම පැවසිය නොහැකි බව කාලගුණ විද්‍යා ඒජන්සියේ කෝෆු නිරීක්ෂණාගාර කාර්යාලයේ මමෝරු මත්සුමොටෝ සඳහන් කළා.
ෆුජි කන්දේ ‘පළමු හිම පතනය’ ලෙස හැඳින්වෙන්නේ, ගිම්හානයෙන් පසු පහළින් නිරීක්ෂණය කරන විට කන්දේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හිමෙන් හෝ සුදු පැහැති ඝන වර්ෂාපතනයකින් දෘශ්‍යමාන ලෙස ආවරණය වන පළමු අවස්ථාවයි.