ඒ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.
ඒ අනුව, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයටත්, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයට ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාරදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස් දෙනා අද (30) පස්වරු 07.30ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට රැගෙන එනු ලැබුවා.
ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවා ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙක් පසුගිය 27 වැනිදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත්තා.
මෙම මෙහෙයුම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන දෙදෙනා මෙරටින් සහභාගි වුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් විශේෂ කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේ අදාළ මෙහෙයුම සිදු කළ කණ්ඩායමට මෙරට නිලධාරීන් දෙදෙනෙකු පමණක් වූ බැවිනුයි.
මේ අතර, මෙම අපරාධකරුවන් අතර සිට අත්අඩංගුවට පත් බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ ඇගේ දරුවා ජකර්තා පොලිසිය මගින් මුදා හැර තිබුණේ එම කාන්තාවට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර නොමැතිවීම හේතුවෙන්.
ඒ අනුව ඊයේ පස්වරුවේ ඇය සහ දරුවා දිවයිනට පැමිණි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනව