Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
12
ප්‍රවේශම්වෙන්න.. පියයුරු පිළිකාව ඔබ හිතනවාට වඩා දරුණුයි.. කාන්තාවන් බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහුණු ඒ ගැන ඇසෙන කතාවයි මේ..

- ප්‍රවේශම්වෙන්න.. පියයුරු පිළිකාව ඔබ හිතනවාට වඩා දරුණුයි.. කාන්තාවන් බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහුණු ඒ ගැන ඇසෙන කතාවයි මේ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මේ කියන්නේ කාන්තාවන්ට අතිශය වැදගත් කාරණාවක්..

ඒත් අපේ රටේ කාන්තාවන් බොහෝ දෙනෙක් මේ ගැන ඒතරම්  අවදානයක්  යොමු කරන්නේ නැති වුණත් පියයුරු පිළිකා කියන්නේ අතිශ්‍යයින් ඔබ අවදානය යොමු කළ යුතු දෙයක්.. 


පියයුරුවල යම් රෝගී තත්ත්වයක් තියෙනවා නම් එය හඳුනාගත හැකි අවස්ථා කිහිපයක්ම තියෙනවා.. පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක්.. වේදනාකාරී හා වේදනාකාරී නොවන පියයුරු ගැටිති තියෙනවා.. එසේම ඔසප් චක්‍රය අනුව වෙනස් වන සහ එසේ නොවන පියයුරුවල වේදනා ගෙනදෙන තත්ත්වයකුත් තියෙනවා..

තවත් අවස්ථාවක් තමයි තනපුඩුවලින් කිසියම් ස්‍රාවයක් ගැලීම හෝ තනපුඩුවේ හැඩය වෙනස් වීම.. එසේ වෙනස් වූ තත්ත්වයක් තියේ නම් කල් නෑර විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතුමයි.. තත්ත්වය නොසඟවා කියන්න ඕනෑ..

වෛද්‍යවරයා එවිට ඔබව සායනික පරීක්‍ෂාවකට ලක් කළ යුතුයි.. එපමණක් නොවෙයි, විකිරණවේදී පරීක්‍ෂාවකුත් කරන්න පුළුවන්.. ඕනෑම නම් වයස අවුරුදු 35ට අඩු අයට නම් අල්ට්‍රා සවුන්ඩ් පරීක්‍ෂාවක් මඟින් තත්ත්වය දැන ගන්නවා.. තවත් අවස්ථාවක් තමයි පටකවේදී පරීක්‍ෂාව. එය ඉතා නිවැරදි පරීක්‍ෂා ක්‍රමයක්. එන්නත් කටුවක් ආධාරයෙන් පටක ලබාගන්නත්, ශල්‍යකර්මයක් මඟින් පටක ලබා ගන්නටත් වෛද්‍යවරයා තීරණය කළ යුතු වෙනවා..

පිළිකාමය නොවන, කාලයත් සමඟ ක්‍රමයෙන් විශාල වන පියයුරු තුළ චංචල ස්වභාවයක් ගන්නා “ෆයිබ්රෝ ඇඩ්නෝ” තත්ත්වය ප්‍රමාණයේ තත්ත්වය මත ශල්‍යකර්මයකිනුත් ඉවත් කර දමන්නට පුළුවන්..

“ෆයිබ්රෝ ඇඩ්නෝනිස්” නම් තත්ත්වයට අනුව පියයුරු දෙකේම එකවර ඇති වෙන්නටත් පුළුවන්.. එය රෝගී තත්ත්වයක්.. සිරුරේ සිද්ධවෙන හෝමෝන වෙනස්වීම් සහ ඔසප් චක්‍රය අනුව සිදුවෙන්නක්.. පියයුරු තුළ පිරුණු ගැටිති ඇතිවී ඔසප් වීම ආසන්නයේදී විශාල වේදනා ඇති කරනවා.. මෙය හානිකරවූ තත්ත්වයක් නම් නොවෙයි.. නමුත් සෙසු පියයුරු ගැටිතිවලින් වෙන්කර හඳුනාගැනීම අපහසු වෙනවා.. ඒ නිසා පරීක්‍ෂණයක් කළ යුතුමයි..

අනෙක් තත්ත්වය තමයි පියයුරේ ඇතිවන සැරව ගෙඩි.. මේවාද ඉතා වේදනා ගෙන දෙනවා.. ඒ තැන්වල ඉදිමීම් වෙනවා.. රතු වෙනවා.. උණ ඇති වෙනවා.. තෙහෙට්ටුව ඇති කරනවා.. එවැනි තත්ත්වයකදී නියම වෛද්‍යවරයා කරන්නේ ඖෂධ නියම කර සැරව ගෙඩිය පළා එතැන ශුද්ධ කිරීමයි..

ග්‍රන්ථි නාළ අවහිරවීම් නිසා ඉදිමීම් තත්ත්වයක් ඇතිවෙන රෝගී අවස්ථාවකුත් තියෙනවා.. එතැනදී වන්නේ තනපුඩුවෙන් කොළ පැහැයට හුරු ස්‍රාවයක් ගැලීමයි.. මෙයත් පියයුරු පිළිකා තත්ත්වයෙන් ඉතා හොඳින් වෙන්කර හඳුනාගත යුතුයි.. ඊට ප්‍රතිජීවක ඖෂධ හා සැත්කම් මඟින් ප්‍රතිකාර තියෙනවා..

තනපුඩුව මත දදයක් වගේ ඇතිවෙන්නත් බැරි නැහැ.. එහිදී තනපුඩුව හා ඒ අවට ප්‍රදේශය කැසීමකට ලක් වෙන්න පුළුවන්.. එය උග්‍ර වූ විට දදයක ස්වභාවය මතු කරනවා.. මෙය ඇත්තෙන්ම බොහෝ විට ගර්භණී සහ කිරි දෙන මවුවරුන්ගේ පියයුරුවල ඇතිවන දෙයක්.. මීට ප්‍රති අසාත්මිකතා වගේම ප්‍රතිජීවක හා දිලීර නාශක ඔසු නියම කරනවා..

කොහොම වුණත් ඔබේ පියයුරු ගැන ඔබ මීටත් වඩා විමසිලිමත් විය යුතුයි.. නිතර එය පිරිමැද හොඳින් ගැටිති තිබේ දැයි පරීක්‍ෂා කර බැලිය යුතුයි.. ඒ නිසා මරණයෙන් කෙළවර වන පියයුරු ගැටිතිවලින් ඔබ ප්‍රවේශම් විය යුතුයි..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top